Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාග් මල්ලවපොර පුහුණු සංචිතයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයට යළිත් සිහිකැඳවීම් කරමින් ඉල්ලීමක් කර තිබේ... එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට ලබාදුන් බව කියන රුපියල් 36,52,000ක් වන (රුපියල් තිස්හය ලක්ෂ පනස් දෙදහසක්) මුල්කර ගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එම සංගමයේ ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා විසිනි.
මීට ඉහතදී ද මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කීප දෙනෙකුට චෝදනා කරමින් මෙම විරෝධතාවය ක්‍රීඩා අමාත්‍යාංශයට බාරදී තිබුණි.
මෙවර ඔහු ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා, ක්‍රීඩා ඇමැතිවරයා හා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ද විරෝධතාවයේ පිටපත් ගොනු කර තිබේ.
මේ සම්බන්ධයෙන් එච්.එම්. ලක්ෂ්මන් මහතා මෙසේ පැවසීය.
‘චෝදනා නවයක් මුල් කර ගනිමින් මම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතාවය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න මල්ලවපොර සම්මේලනය එකඟවෙලා මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තිබෙනවා. නමුත් ඒ විමර්ශන සිදු කෙරෙන ආකාරය ගැන අපට එකඟවෙන්න බැරි හින්දා මා යළිත් ඒ ගැන ක්‍රීඩා අමාත්‍යාංශයට සිහිකැඳවීමක් කෙරුවා’
නුව ව්‍යාජ බිල්පත් හා වවුචර් සකස් කිරීම, සම්මේලනයේ භාණ්ඩාගාරික නොමැතිව චෙක්පත් මුදල් කිරීම, සාග් සංචිතයේ ක්‍රීඩකයන්ට වෙන් කළ බව කියන ප්‍රතිපාදනවලින් ක්‍රීඩා උපකරණ ලබානොදීම, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදුන් ප්‍රතිපාදන මුදල් කමිටුව ලවා අනුමත කර ගැනීමට අපොහොසත්වීම, වසර 2017 සිට 2020 දක්වා කාලසීමාවේ විගණනය කළ ගිණුම් වාර්තා සම්මත කර ගැනීමට අපොහොසත්වීම, සම්මේලනයේ මහ සභා රැස්වීම් පැවැත්වූ බවට අසත්‍ය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම, සම්මේලනයේ ව්‍යවස්ථාව බව දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයට ව්‍යාජ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, විදේශ තරග සංචාර සඳහා තේරීම් කමිටුව නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කිරීම යන චෝදනා එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.
ව්‍යාජ ව්‍යවස්ථාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම ගැන එම අමාත්‍යාංශය පැවැත් වූ විමර්ශනයකින් සම්මේලනයේ නිලධාරීන් දෙදෙනකු වැරදිකරුවන් වී ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් පවසයි.
කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම්වරයා ගොනු කර තිබෙන පැමිණිල්ලේ චෝදනා බහුතරයකට පදනමක් නැතැයි ඔහුගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය මේ වනවිට සිදු කෙරෙන විමර්ශනයෙන් සනාථ වී තිබෙන බව මල්ලවපොර සම්මේලනයේ ලේකම් සරත් හේවාවිතාරණ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මල්ලවපොර සම්මේලනය ත්‍රිපුද්ගල කමිටුවක් මගින් විමර්ශනයක් පවත්වාගෙන යන අතර එහි නිගමන ඇතුළත් වාර්තාව තවත් මසකට අඩු කෙටි කාලයක දී නිකුත් කිරීමේ හැකියාව පවතින බවත් මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
‘ඔය චෝදනා කරන නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති සාග් ක්‍රීඩා උළෙලේ දී මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 14ක් දිනාගැනීමට සමත් වුණා...
සම්මේලනය ඔය කියන ආකාරයට ක්‍රීඩකයන්ට ලබාදුන් මුදල් ගසාකෑවා නම් අපිට මෙහෙම පදක්කම් ගණනක් දිනාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා විමර්ශන වාර්තාව ඉතා ඉක්මනින්ම නිකුත් කරන්න අපි පියවර ගන්නවා. අපේ සම්මේලනයට සම්බන්ධ අනුසංගම් 13ක් තිබෙනවා. ඔය ගැන කතා කරන්නේ ඔය කියන කොළඹ දිස්ත්‍රික් සංගමය විතරයි. එහි ලේකම්වරයා වෙනත් අරමුණකින් මේ චෝදනා කරන බවකුයි අපිට වැටහෙන්නේ’ යයි ද සරත් හේවාවිතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.