Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ රාතී‍්‍ර මෝටර් රථ තරග දෙසැම්බර් 15 දා

කොළඹ රාතී‍්‍ර මෝටර් රථ තරග දෙසැම්බර් 15 දා

ශනුක අරවින්ද - 2013 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නවතම අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ තෙවැනි අදියර දෙසැම්බර් මස 15 වැනිදා පස්වරු 5 සිට රාතී‍්‍ර 11 දක්වා කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

කාල්ටන් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය සහ ආසියානු මෝටර් රථ රේසිං සමාජය, ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන මෙවර තරගාවලියේදී පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 7 කට සීමා කර තිබේ. ඊට මෝටර් රථ තරග ඉසව් 5 ක් සහ යතුරු පැදි තරග ඉසව් 2 ක් ඇතුලත්වේ.

ආරම්ක වසරේ සිට මේ වන තෙක් තරගාවලියේ පවත්වන තරග සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවූ බවක් දක්නට ලැබේ. 2011 වසරේ තරග 17 ක් පැවති අතර එය 2012 වසරේදී තරග 11 දක්වා පහළ බැස තිබිණ. මේ වසරේදී එය තරග 7 ක් දක්වා තවත් අඩුවී තිබේ.

ෆෝමියුලා මැක්ලරන්ස් සි. ධා. 1300 (කාබියුරේටර් සහිත), ෆෝමියුලා මැක්ලරන්ස් 4 සි. ධා. 1300 (ඉන්දන විද්‍යුත් විසිරණ - ඊ. එෆ්. අයි.), එස්. එල්. එච් කාණ්ඩයේ සි. ධා. 1600, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500, එස්. එල්. එස් කාණ්ඩයේ සි. ධා. 1500 යන තරග ඉසව් මේ වසරේ පැවැත්වෙන මෝටර් රථ තරග ඉසව් වේ.

සුපර් මෝටාර්ඞ් විවෘත සහ සි. ධා. 250 ට වැඩි සිවු පහර විවෘත යන තරග ඉසව් මේ වසරේ පැවැත්වෙන යතුරු පැදි තරග ඉසව් දෙකයි.

මීට පෙර වසර වලදී පැවති වොක්ස් වෝගන් පෝලෝ, ජී.ටී. 3 සහ ජී. ටී. 4, ටොයොටා ඊ. ටී. අයි.  ඕ. එස්. යන මෝටර් රථ තරග ඉසව්ද, සි. ධා. 175 සිට සි. ධා. 250 රේසිං සහ නවීකරණය කරන ලද සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා වන යතුරු පැදි තරග ඉසව්ද මෙවර තරගාවලියට ඇතුළත් නොවේ.

එම තරග ඉසව් වෙනුවට ප‍්‍රථම වරට ශ්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට දැකගැනීම සඳහා ඉන්ෆිනිටි රෙඞ් බුල් රේසිං කී‍්‍රඩක ඩැනියෙල් රිකාඩෝ සහ ඔහුගේ ආර්. බී. 9 ෆෝමියුලා 1 මෝටර් රථය ගෙන්වන බව කාල්ටන් මෝටර් රථ ක‍්‍රීඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධන මහතා ඉකුත්දා පැවති මධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය වසරේ තරගාවලියට ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය, ඉන්දියාව සහ මාලදිවයින යන රටවලින් මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයන් 35 දෙනෙක් පමණ සහභාගීවූ නමුත් මෙවර තරගාවලියට මේ වන විටත් ඇතුළත්වී සිටින්නේ එක් විදෙස් යතුරු පැදි ධාවකයකු පමණි.

විදෙස් කී‍්‍රඩකයන් හිග වුවත් ප‍්‍රධාන පෙලේ දේශීය මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයන් රැසක් මේ වන විටත් තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර ඇත.

ඒ අතර ඩිලන්ත මාලගමුව, අශාන් සිල්වා, අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් ජයවර්ධන, ඩිලාන් සෙනෙවිරත්න, මිස්සක නවීන්, ඩරින් වීරසිංහ යන කී‍්‍රඩකයන් මෝටර් රථ අංශයෙන්ද, ශ්‍රීයාන් සැමුවෙල්, නෙඞ් ඩැනියෙල්, මධුරංග කල්දේරා, ජේඞ්න් ගුණවර්ධන, පූර්ණක ප‍්‍රසාද්, ජෙෆ් ඇන්ඩි‍්‍ර චී, සුරාජ් පෙරේරා, තුසිත ගුණසේකර සහ ගයාන් සඳරුවන් යන කී‍්‍රඩකයෝ යතුරු පැදි අංශයෙන්ද ඉදිරියෙන් සිටිති.

කොළඹ ගලධාරි හෝටලය ඉදිරිපසින් ආරම්භ වන කිලෝමීටර් 3.3 කින් යුක්ත ධාවන පථය ලෝටස් පාර ඔස්සේ පැමිණ, ටෙලිකොම් වටරවුම ඉදිරිපිටින් වමට හැරී හිල්ටන් හෝටලය අසළටත් එතැන් සිට ලංකා බැංකු මාවත ඔස්සේ ජනාධිපති මාවතට පැමිණ, ගාලූමුවදොර වටරවුම දක්වා පැමිණ, නැවතත් ගලධාරි හෝටලය කරා පැමිණිමෙන් නිමාවේ.

පසුගිය වසරේ පැවති ධාවන පථය කිලෝමීටර 4.5 ක දුරකින් සමන්විත වූ අතර මෙවර එය කිලෝමීටර 3.3 කට සීමා කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත. ඊට හේතු වී තිබෙන්නේ තරග නැරඹීමට පැමිණෙන අති විශාල ජනකාය පාලනය කරගැනීමට ආරක්ෂක අංශ වලට අපහසුවීමත්, තරග පැවැත්වීමට ගතවන කාලය තරමක් අඩු කරගැනීමත්ය.

තරග නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්‍ෂකයන්ගේත්, තරග වදින රියදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේත් ආරක්‍ෂාව උදෙසා වැලි කොට්ට 150,000 ක් සහ ටයර් 5000 ක් පමණ යොදා ධාවන පථය වටා සකස් කිරීමට පියවර ගන්නා බව සංවිධායක සංවිධායක මණ්ඩලය පවසයි.

 


අදහස් (4)

කොළඹ රාතී‍්‍ර මෝටර් රථ තරග දෙසැම්බර් 15 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.