Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 20 ක ජයක් ලබාගැනීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ මදුශික සඳරුවන් පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 7 ක් සමගින් ලකුණු 89 කට කඩුලු 11 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිය පාසල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් විය.
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(ශෂික නිර්මාල් 38, චිරංග හේෂාන් 34, විකුම් කල්හාර 26, මදුශික සඳරුවන් 30/7, තෙවිඳු දික්වැල්ල 31/2)
ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(රවිඳු රත්නායක 48, ශෂික නිර්මාල් 34/4, සුවෙන් සෙව්මික 09/2, එරාන් කේසර 11/2)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(අකිල රොෂාන් 60, විකුම් කල්හාර 50, මදුශික සඳරුවන් 59/4, සවිඳු උත්සර 36/2)
ඉසිපතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(මංදීප ගුණසේකර 22, දිනුක් නෙලුන්දෙණිය 51/4, ටෂික නිර්මාල් 49/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.