Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝ-කෝ මුල් පුටුවට ගුණවර්ධන

කෝ-කෝ මුල් පුටුවට ගුණවර්ධන

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ඒ.එස්. රංජිත් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත් විය. වේයන්ගොඩ නයිවල කෝ-කෝ සම්මේලන මූලස්ථානයේදී පැවති 2021-23 නිලවරණයේදී නව සභාපතිවරයා ලෙස පත්වූ ගුණවර්ධන මහතා ව්‍යාපාර සමූහයක කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වෘත්තියෙන් කටයුතු කරයි.

කෝ-කෝ නව විධායක සභාවේ පත්වීම් සියල්ල නිතරගයෙන් සිදු කෙරුණු අතර හිටපු සභාපති එන්.එච්.ඩී. නවරත්න මහතා උප සභාපති ධුරයට පත්විය.

කෝ-කෝ ක්‍රීඩා ඉසව්ව  ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට පුරෝගාමී වෙමින් ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනය ආරම්භ කළ අතුල විජේනායක මහතා ප්‍රධාන ලේකම් ධුරයට පත්විය. ඒ මහතා මෙතෙක්  ජාතික කෝ-කෝ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

අතුල විජේනායක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ මෙරට කෝ-කෝ ප්‍රවර්ධන වැඩසටහන්, දේශීය තරගාවලි හා ජාත්‍යන්තර තරග සහභාගිත්වය අත්හිටුවීමට සිදුවූ බවයි. කොවිඩ්  වසංගත තත්ත්වයේ වෙනසක් සිදුවුහොත් මෙම වසරේදී  ජාතික කෝ-කෝ තරගාවලිය පැවැත්වීමට සම්මේලනය අපේක්ෂාවෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 ශ්‍රී ලංකාවේ 54 වැනි ක්‍රීඩා ඉසව්ව ලෙස 1996 දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ ඉන්දියාවෙන් බිහිවූ කෝ-කෝ ඉසව්ව වසර 2022 දී චීනයේ  ‘හැන්ග්ෂුසු’ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල පළමු වතාවටත් හඳුන්වාදී තිබේ.

 

ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ නව විධායක සභාව
සභාපති- එස්.ඒ. රංජිත් ගුණවර්ධන මහතා
ලේකම්- ඩබ්ලිව්.ඇම්. අතුල විජේනායක
උප සභාපතිවරු - සරත් රාජපක්ෂ, එන්.එච්.ඩී. නවරත්න, පී.ඒ. විතානගේ යන මහත්වරු.
භාණ්ඩාගාරික- බුද්ධික රණරාජා මහතා
උප ලේකම්- ඔලිවර් ජයසිංහ මහතා
උප භාණ්ඩාගාරික- සම්පත් බෝතේජු මහතා,
කාරක සභාව- රෝහණ දිනේන්ද්‍ර, බිම්සර ජනප්‍රිය, ජනක ප්‍රියන්ත, උපුල් කිත්සිරි, ඩබ්ලිව්.ඒ.එස්. බණ්ඩාර යන මහත්වරු.

- 223


අදහස් (0)

කෝ-කෝ මුල් පුටුවට ගුණවර්ධන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.