Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගන්කන්ද මැදි විදුහල ලකුණු 161 ක් පසුපසින්

ගන්කන්ද මැදි විදුහල ලකුණු 161 ක් පසුපසින්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය අතර ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භවූ 10 වැනි ‘රන්මිණි හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 42 ක් රැස්කර සිටියේය. ඒ අනුව සීවලි මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණ සංඛ්‍යාවට වඩා ලකුණු 161 ක් පසුපසින් සිටින්නේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සීවලි මධ්‍ය විද්‍යාලය ලකුණු 203 කට කඩුලු 9 ක් දැවි තිබියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට ආරාධනා කළේය.

කවිෂ්ක මෙදලගම (70) සහ හිරූෂ විදුරංග (69) අර්ධ ශතක ලබාගනිමින් සීවලි මධ්‍ය විද්‍යාලය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

ළහිරු ප්‍රනාන්දු, ජනිත් ලක්ෂාන් සහ පුබුදු ශෂීලාල් කඩුලු 3 බැගින් දවාගනිමින් සීවලි මධ්‍ය විද්‍යාලය අඩු ලකුණු මට්ටමක රැඳවා ගැනීමට සමත්වූහ.

හෙට (12 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


සීවලි මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 203
(කවිෂ්ක මෙදලගම 70, හිරූෂ විදුරංග 69, නුවින් චාරුල 22, ළහිරු ප්‍රනාන්දු 40/3, ජනිත් ලක්ෂාන් 46/3, පුබුදු ශෂීලාල් 77/3)

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 11 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 42
(සුකිත ගම්සර 17/2)

 


අදහස් (0)

ගන්කන්ද මැදි විදුහල ලකුණු 161 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.