Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 251 ක් දිනා ගැනීමට සමත්කම් දැක්වූහ. එය රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 කින් සමන්විත විය. එහිදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ පදක්කම් 251 න් පදක්කම් 41 දිනාදීමට සමත් වූ අතර ඊට රන් පදක්කම් 05, රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් අන්තර්ගත විය.
දකුණු ආසියානු ක්‍රීඩා පිටියේදී පදක්කම් දිනූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනස් දෙදෙනකුට උපහාර පිදීම පිණිස මෙම උත්සවය සංවිධානය කෙරිණ. එහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවයන් අගයමින් ඔවුන්ට උපහාර පිදීමට කටයුතු කළේය.
වෙරළ වොලිබෝල් රන් පදක්කම් ලාභී සැරයන් කුමාර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතින් උපහාර ලබාගන්නා අවස්ථාව..
වෙරළ වොලිබෝල් රන් පදක්කම් ලාභී නායක ගුවන් භට ජයසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතින් උපහාර ලබාගන්නා අවස්ථාව..
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.