Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 16 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය අද (18 වැනිදා) ආරම්භ විය. තරගාවලිය මෙම මස 26 වැනිදා දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රිඩා සංකීර්ණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසක් සහභාගි වී සිටින අතර එහිදී කනිෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ තරග කරුවන් සඳහා අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ සහ 55 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ආධුනික තරගකරුවන් සඳහා වයස 11 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබේ.
මෙම තරගාවලිය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහි ප්‍රධානතම ඉසව් වන විවෘත පිරිමි කේවල සහ විවෘත කාන්තා කේවල ඉසව් සඳහා ඉන්දියාව සහ පාකිස්තානය නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගි වීමට නියමිතය.
විවෘත පිරිමි කේවල ඉසව්වේ ජයග්රාහකයාට එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් අභියෝග කුසලානද, විවෘත කාන්තා කේවල ඉසව්වේ ජයග්‍රාහිකාවට එයාර් චීෆ් මාෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලානද පිරිනැමීමට නියමිතය. තරගාවලියේ ජයග්රාහික ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාගද පිරිනැමෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.