Last Update  :  2025-04-22 18:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගෝන් ප්‍රී චෙස් අවසන් අදියර අද සිට

ගෝන් ප්‍රී චෙස් අවසන් අදියර අද සිට

editorial - 2020 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත)

කොරෝනා ව්‍යසනයෙන් පසු ආරම්භ කෙරුණු මෙරට මුල්ම චෙස් තරගාවලිය වන 7 වැනි ගෝන් ප්‍රී චෙස් තරගාවලියේ අවසන් අදියර  අද (17) පෙරවරු 9ට නුගේගොඩ දෙල්කඳ චෙස් සම්මේලන මූලස්ථානයේදීම පැවැත්වේ.

මෙම තරගාවලියේ ආරම්භක අදියර මේ මස 11,12,13 තෙදින නුගේගොඩ දෙල්කඳ පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදි පැවත්විණ. එහිදි තරග වට 6ක් පැවැත්විණ.

මේ තරග වට 6න් තරගාවලියට සහභාගීවූ චෙස් ක්‍රීඩකයින් 12දෙනා අතරින් ලකුණු 5.5ක් ලබාගත් 14හැවිරිදි කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් ද සිල්වා, තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.

තරගාවලියේ ඉතිරි තරග වට 5 අද (17) සහ හෙට (18 ) දිනකට තරග වට දෙක බැගින් තරග වට 4ක්ද පැවැත්වෙන අතර අවසාන තරග වටය 19 වැනිදා පෙරවරුවේදී පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 1,15,000 කි.

 


අදහස් (0)

ගෝන් ප්‍රී චෙස් අවසන් අදියර අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.