Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චන්දූපට පදක්කම් 4 ක්

චන්දූපට පදක්කම් 4 ක්

editorial - 2024 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල ජනූර් කිචිලාන්)

සමස්ත ලංකා දෙවැනි යොවුන් කනිෂ්ඨ වූෂූ තරගාවලිය පසුගියදා  මහරගම ජාතික තරුණ සේවා  සභා සංකීර්ණයේදී පැවැත්විණි. 

එහිදී ෂින්ගි චුවාන් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානයත්  තායිජිශාන් කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානයත්, තායිජි චුවාන් කාණ්ඩයේ දෙවැනි ස්ථානය සහ තායිජි ජියෑන් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට කරුණෑගල ලක්දාස් ද මෙන් විද්‍යාලයේ අනුහස් චන්දූප සමත් විය.

චන්දූප දිනාගත් පදක්කම් සංඛ්‍යාව 4 කි. පසුගිය වසරේ 9 වැනි ලෝක වූෂු  තරගාවලියේදී තායිජි ෂාන් කාණ්ඩයේ රිදී පදක්කම සහ  ෂිංගි චුවාන් ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් වූ චන්දුප මේ වන විට දිස්ත‍්‍රික්  පළාත් සහ සමස්ත ලංකා  තරග වලදී  වූෂූ තරඟ සඳහා සහභාගිවී සහතික සහ පදක්කම් හතළිහක් පමණ දිනාගෙන ඇත.


අදහස් (0)

චන්දූපට පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.