Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චමීර - ඉෂාරා නායකත්වයට

චමීර - ඉෂාරා නායකත්වයට

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ශානුක අරවින්ද)

මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා කටාර් රා‍ජ්‍යයේදී පැවැත්වෙන ‍25 වැනි ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ නායිකාව ලෙස චමීර ගිණිගේ සහ ඉෂාරා මධුරංගි පත්කර තිබේ.‍

ක්‍රීඩකයන් පස් දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ලෙස සෙනුර සිල්වා, මිලින්ද ලක්ෂිත, නිමේෂ් රංචාගොඩ සහ ඉමන්ත උදන්ජය කටයුතු කරති. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් සිවු දෙනෙකු ඇතුළත්ව සිටින අතර බිමන්දි බණ්ඩාර, මුතුමාලි ප්‍රියදර්ශනී සහ තනුෂි රුද්‍රිගූ ඒ අතර වෙති.

චතුර දුල්ෂාන් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකුරු ලෙස කටයුතු කරයි. ඔහු යටතේ කණ්ඩායම මේ වන විට ජෛව ආරක්ෂක බුබුළක් තුළ රැදෙමින් තරගාවලිය සඳහා පුහුණුවීම් ආරම්භ කර ඇත.

මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරග පළමුවෙන් පැවැත්වෙන අතර කණ්ඩායම් තරග නිමා වීමෙන් අනතුරුව කේවල සහ යුගල තරග පැවැත්වේ. ආසියානු මේසපන්දු තරගාවලියකදී පදක්කමක් දිනාගැනීමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක තවමත් සමත්වී නැත.

ආසියානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා චීනය, ජපානය, දකුණු කොරියාව, උතුරු කොරියාව, හොං කොං, චීන තායිපේ සහ සිංගප්පූරුව වැනි ප්‍රධාන පෙළේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් සහභාගි වෙති.

අවසන් වරට ඉන්දුනීසියාවේදී පැවැති 24 වැනි ආසියානු මේසපන්දු තරගාවලියේදී පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට චීනයේ සූ සින් සමත් වූ අතර කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට චීනයේ සුන් යින්ග්ෂාසා සමත් වූවාය.

මේස පන්දු ක්‍රීඩාවේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේ චීන සහ ඉන්දුනීසියානු කණ්ඩායම් වෙති. 


අදහස් (0)

චමීර - ඉෂාරා නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.