Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ලෙබනනයේ ‘බේරුට්’ නුවර දී නිමාව දුටු 55 වැනි ආසියානු ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථාන දෙකක් ලැබීය.
ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිව් දෙනෙකු සහභාගි වූ අතර සුභාෂ් ධනුෂ්ක කිලෝ ග්‍රෑම් 70 බර පංතියෙන් ද ඩී.පී.එස්. චාමර ඩයස් ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) කිලෝග්‍රෑම් 80 බර පංතියේ ඉසව්වෙන් ද තෙවැනි ස්ථාන ලැබූහ.
මෙම තරග සංචාරය සඳහා ක්‍රීඩකයන්ට අතින් වියදම් දරමින් සහභාගි වීමට සිදුවූ බව වාර්තා වන අතර එසේ වියදම් දැරීමට නොහැකිවීමෙන් ඊට නිර්දේශකර සිටි පුහුණුකරු හා කණ්ඩායම් කළමනාකරු තරග සංචාරයෙන් ඉවත්වීමට කටයුතු කර තිබුණි.
ප්‍රවීණයන්ගේ තරග ඉසව්වේ තෙවැනි ස්ථානය ලද චාමර ඩයස් පැවසුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ තමන්ට රුපියල් ලක්ෂ අටකට වැඩි මුදලක් ඒ සඳහා අතින් දැරීමට සිදු වූ බවයි.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණයෙන් මෙම ආසියානු තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කෙරිණ. ආසියානු කායවර්ධන සම්මේලනය තරගාවලිය සංවිධානය කළ අතර මෙවර ඉසව් ජයග්‍රාහකයන්ට පදක්කම් වෙනුවට කුසලාන ප්‍රදානය කෙරුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.