Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔලිම්පික් ජූඩෝ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 73 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ චාමර ධර්මවර්ධන අද පැවැති මූලික වටයේ පළමු තරගයේදීම පරාජය විය. ජිබුටි රාජ්‍යයේ ඒඩ්න් ඇලෙක්සැන්ඩර් හමුවේ සම්පූර්ණ පරාජයක් ලැබීම හේතුවෙන් චාමරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉදිරියට යාමේ ගමන අවහිර විය.
ඒඩ්න් ඇලෙක්සැන්ඩර් විසින් ඉතා පහසුවෙන්ම සිය ප්‍රතිමල්ලවයා වූ ධර්මවර්ධන බිම හෙළනු ලැබීය. දඬුවම් ලකුණු නොතිබීම නිසා ඇලෙක්සැන්ඩර්ට පූර්ණ ජයග්‍රහණයකට හිමි ලකුණු 10 ම හිමිවිය.
දෙවතාවක්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ධර්මවර්ධන කෙරෙහි මහත් බලාපොරොත්තු තබා තිබූ නමුත් පළමු වටයේදීම ඔහුට හමුවූයේ ප්‍රබල ක්‍රීඩකයෙකි.
(ඡායාරූප අනුග්‍රහය - ජාතික ඔලිම්පික් කමිටුව)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.