Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජගිරිය ජනාධිපති විදුහලේ රුපියල් කෝටි 10ක වියදමින් ඉදිකළ පිහිනුම් තටාකය විවෘත කිරීම හෙට (12) පස්වරු 3ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පාසලක මෙතෙක් ඉදිවූ එකම අංගසම්පූර්ණ පිහිනුම් තටාකය වන එය මන්තීරු අටකින් සමන්විත මීටර 50ක් දිගින් හා මීටර 25ක් පළලින් යුතුය. නව පිහිනුම් ක්‍රීඩා තටාංගණය සාප්පු සංකීර්ණයකින් ද සමන්විත වේ.
ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සඳහා ප්‍රතිපාදන ලබාදී තිබේ.
නව පිහිනුම් තටාකය අද විවෘත කිරීමෙන් පසුව එය කෝට්ටේ මණ්ඩලයේ සෙසු පාසල් ක්‍රීඩා සමාජ හා පෞද්ගලික පිහිනුම්කරුවන් සඳහා ද විවෘත වන බව රාජගිරිය ජනාධිපති විදුහලේ විදුහල්පති ධනුෂ්ක ආරියරත්න මහතා පවසයි.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ කාර්යාංශයේ මධ්‍යම උපදේශක සභාවේ අධීක්‍ෂණයෙන් නව පිහිනුම් තටාකයේ ඉදිකිරීම් සිදු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.