Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සුගතදාස පිහිනුම් තටාකයේ දී අගෝස්තු 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පුරා දින පහක් පැවැත්වෙන 42 වැනි ශ්‍රී ලංකා වාර්ෂික ජල ක්‍රීඩා තරග මාලාවේදී ශූරතා කුසලාන 27ක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
වසරේ පැවැත්වෙන ප්‍රධානතම පාසල්වල ක්‍රීඩා (පිහිනුම්- දිය පිනුම්) තරගාවලියේදී බාලක හා බාලිකා ජ්‍යෙෂ්ඨ - කනිෂ්ඨ - මිශ්‍ර වයස් කාණ්ඩ හා සමස්ත ශූරතා යන කාණ්ඩ යටතේ මෙම ශූරතා කුසලාන ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සභාපතිනි,ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල්පතිනි චාන්දනි උඩුකුඹුර මහත්මිය පැවසුවාය.
‘මයිලෝ’ සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම මෙවර 29 වැනි වතාවටත් අනුග්‍රහය දැක්වීමේදී ශූරතා කුසලාන 27 ක් වයස් කාණ්ඩ හයක බාලක හා බාලිකා ඉසව් සඳහා ප්‍රදානය කිරීමට නියමිතය.
වයස 10න් පහළ , 12න් පහළ, 14 න් පහළ, 16 පහළ, 18 පහළ, 20 පහළ පරිදි බාලික හා බාලිකා වයස් කාණ්ඩ හය සමන්විත වේ.
දිවයිනේ පාසල් 200කට අයත් ක්‍රීඩකයන් 3010 දෙනකු හා ක්‍රීඩිකාවන් 2088 දෙනකු මෙවර තරගමාලාවට සූදානමින් පසුවේ.
පසුගිය (2022) තරග මාලාවේ සමස්ත බාලක ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල විසින්ද, බාලිකා ශූරතාව කොළඹ විශාකා විදුහල විසින්ද, මිශ්‍ර ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින්ද දිනාගන්නා ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.