Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 18 වැනි වරටත් සංවිධානය කරන ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලිය ලබන සැප්තැම්බර් මස 28 වැනිදා සිට සති අන්ත දිනවල දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

කේවල සහ යුගල වශයෙන් ඉසව් 14 ක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර කේවල තරග වයස් කාණ්ඩ පහක් (13 පහළ, 15 පහළ, 17 පහළ, 19 පහළ සහ 21 පහළ) යටතේද, යුගල තරග වයස් කාණ්ඩ දෙකක් (17 පහළ සහ 21 පහළ) යටතේද පැවැත්වේ.

සියලුම අයදුම්කරුවන් තරගාවලිය සඳහා සහභාගී වන අවස්ථාවේදී උප්පැන්න සහතිකය මගින් වයස තහවුරු කළ යුතුවන අතර 2019 දෙසැම්බර් 31 වැනි දිනට අදාළ වයස් සීමාවන් සලකා බලනු ලබයි. කැරම් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පාසල් අයැදුම්කරුවන්ටද මෙම ශූරතාවලිය සඳහා සහභාගි විය හැකිය.

මේ වන විට තරගාවලියේ අයැදුම්පත් බාරගැනීම ආරම්භ කර ඇති අතර සැප්තැම්බර් මස 11 වැනිදා මධ්‍යහන 12.00 ට අයදුම් පත් බාර ගැනීම අවසන් වේ. තරග අනුපිළිවෙළ සකස් කිරීම සැප්තැම්බර් 13 වැනිදා පෙරවරු 09.00 සිට දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී සිදු කෙරේ.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති සියලුම ක්‍රීඩා සමාජ වෙත අදාළ අයදුම්පත් මේ වන විටත් තැපැල් කර යවා ඇති අතර, අනෙකුත් අයදුම්කරුවන්ට නුගේගොඩ, දෙල්කඳ රත්තනපිටිය පාරේ, අංක 24ඒ දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයෙන් හෝ ''Carrom Federation of Sri Lanka'' ෆේස්බුක් පිටවෙන්ද අයදුම්පත් ලබාගත හැකිය.

සියලුම තරග ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අනුමත නීති රීති වලට අනුකූලව පැවැත්වේ. 071 819 3287 අංකයෙන් තරග ලේකම් අමිතා වික්‍රමසිංහ මහත්මිය හෝ 077 730 9234 අංකයෙන් ප්‍රධාන ලේකම් දයා විදානගම මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු ලබාගත හැකිය.

 

-036  

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.