Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය ඇරඹෙයි

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය ඇරඹෙයි

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 33 වැනි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මෙම මස 1 වැනිදා ආරම්භ විය. දින 8 ක් පුරා සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී.) ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය 8 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.  

සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට වැඩි පිරිසක් එක්ව සිටින අතර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝද ඊට ඇතුළත් වෙති.

එහිදී බාලක සහ බාලිකා වයස අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. ඊට අමතරව නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වයස අවුරුදු 11 න් පහළ, 15 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ ආධුනික තරගද පැවැත්වේ.

වසරේ කනිෂ්ඨ ජාතික ශූරයා සහ ශූරිය තෝරා ගැණෙන වයස 19 න් පහළ බාලක සහ බාලිකා කේවල අවසන් මහ තරග 8 වැනිදා පස්වරු 4.00 ට එස්.එස්.සී. ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.