Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

editorial - 2024 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී පැවැත්වීමට නියමිතය.  

මෙවර තරගාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 ට අමතරව අවුරුදු 11 න් පහළ, අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ කනිෂ්ඨ තරගකරුවන් සඳහාද තරග පැවැත්වේ. 

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ 70 න් ඉහළ වයස් කාණ්ඩ යටතේ කේවල සහ යුගල තරග පැවැත්වෙනු ඇත. 

විවෘත පිරිමි සහ කාන්තා අංශවල අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පළඟ ශූරතා වෙනුවෙන් තරග පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ. තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර එය මෙම මස 19 වැනිදායින් නිමාවට පත්වේ. 

මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ සමස්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් මිලියන 2 ක මුදල් ත්‍යාග පිරි නැමීමට සංවිධායකයන් සූදානමින් සිටින අතර ඉන් 60% ක මුදල් ප්‍රමාණයක් විවෘත තරග අංශයේ තරග ඉසව් 5 හි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා වෙන් කර තිබේ. 

කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර ඊට අමතරව සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, අනු ශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා ඇත.   

 


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.