Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික යොවුන් වූෂූ තරගාවලියේ අවසන් වටයේ තරග 15 - 16 - 17

ජාතික යොවුන් වූෂූ තරගාවලියේ අවසන් වටයේ තරග 15 - 16 - 17

editorial - 2023 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය සංවිධානය කරන පළමු වැන ජාතික යොවුන් වූෂූ තරගාවලියේ අවසන් මහ තරග මේ මස 15-16 සහ 17 දිනවලදී මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි, පෙබරවාරි මාසයේ සිට පැවැති යොවුන් වූෂූ තරගාවලියේ අවසන් වටයේ තරග පෙළ මෙයයි.

වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තාඕලු (නර්තන) තරග පැවැත්වේ. සන්දා (ද්වන්ධ සටන්) තරග 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිතය.

ළමා සහ කනිෂ්ඨ සන්දා තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ පළමු වැනි වතාවටය. පාසල් දරු දැරියන්ට පනවා තිබූ සන්දා තරග තහනම හේතුවෙන් යොවුන් සන්දා තරග පැවැත්වෙන්නේ වසර 12 කට පසුවය. එලෙසින්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තාඕලු ඉසව් 10 ක් ද මෙවර යොවුන් තරගාවලියට ඇතුළත් කර තිබේ.

පළාත් තරගාවලියේ තාඕලු තරග වලදී පළමු ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ සන්දා අංශයේ පළමු ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද අවසන් වටයේ තරගාවලියට සහභාගි විය හැකිය.

අවසන් වටයේදී දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජූනි මාසයේදී ආරම්භ කරන ජාතික කනිෂ්ඨ වූෂූ සංචිතයට ඇතුළත් කෙරේ.

මැයි මස 15 වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් යෞවන කටයුතු සහ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සහභාගි වීමට නියමිතය. සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොං මහතා සහභාගි වේ.

අවසන් තරගාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැයි 14 වැනිදා උදෑසන 10.00 ට ලියාපදිංචිය සඳහා වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය දැනුම් දෙයි.

- 213


අදහස් (0)

ජාතික යොවුන් වූෂූ තරගාවලියේ අවසන් වටයේ තරග 15 - 16 - 17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.