Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික කනිෂ්ඨ ශූරතාවලිය හෙට සිට

ජාතික කනිෂ්ඨ ශූරතාවලිය හෙට සිට

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කරන ‘ජනරාල් ජගත් ජයසූරිය’ අභියෝග කුසලාන යොවුන් බොක්සිං ශූරතාවලිය සහ ‘පෙල්ප්ස්’ අනුස්මරණ පළිහ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය හෙට (8 වැනිදා) සිට 11 වැනිදා දක්වා ඉංගිරිය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 


‘ජනරාල් ජගත් ජයසූරිය’ අභියෝග කුසලාන යොවුන් බොක්සිං ශූරතාවලිය 2000 සහ 2001 වසර වලදී උපන් අවුරුදු 17 ත් 18 ත් අතර වයස් සීමාවේ පසුවන තරගකරුවන් සඳහා විවෘත වේ. එහිදී බාලක තරගකරුවන් සඳහා කිලෝ ග්‍රෑම් 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 සහ 91 ට වැඩි බර පංති යටතේ තරග පැවැත්වෙන අතර බාලිකා තරගකරුවන් සඳහා කිලෝ ග්‍රෑම් 48, 52, 54, 57, 60, 64, 69, 75, 81 සහ 81 ට වැඩි බර පංති යටතේ තරග පැවැත්වේ. 


අවසන් වරට (2017 වසරේදී) පැවැති යොවුන් බොක්සිං ශූරතාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරථන විශ්ව විද්‍යාලයද, බාලිකා ශූරතාව දිනාගැනීමට නාරංදෙණිය ජාතික පාසලද සමත් විය. එහිදී මහනුවර ධර්මරාජ විදුහලේ ජේ.එච්.එන්. ජිනදාස දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, කෑගල්ල මහ විද්‍යාලයේ කේ.ඩබ්ලිව්.අයි. සෙව්වන්දි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. 


‘පෙල්ප්ස්’ අනුස්මරණ පළිහ වෙනුවෙන් පැවැත්වෙන ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සඳහා සහභාගි විය හැක්කේ මින් පෙර පාසල් බොක්සිං ශූරතාවලිය, කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය, යොවුන් බොක්සිං ශූරතාවලිය, එල්.වී. ජයවීර බොක්සිං ශූරතාවලිය, ටී.බී. ජයා බොක්සිං ශූරතාවලිය සහ ස්ටබ්ස් පළිහ යන තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ තරගකරුවන්ට පමණි. 


වයස අවුරුදු 19 ට අඩු, 1999 වසරේ හෝ ඉන් පසුව උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම තරගාවලිය විවෘත වේ. එහිදී බාලක තරගකරුවන් සඳහා කිලෝ ග්‍රෑම් 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 සහ 91 ට වැඩි බර පංති යටතේද, බාලිකා තරගකරුවන් සඳහා කිලෝ ග්‍රෑම් 48, 52, 54, 57, 60, 64, 69, 75, 81 සහ 81 ට වැඩි බර පංති යටතේද තරග පැවැත්වේ. 


අවසන් වරට (2017 වසරේදී) පැවැති ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලද, බාලිකා ශූරතාව දිනාගැනීමට කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලද සමත් විය. එහිදී මහනුවර ධර්මරාජ විදුහලේ ජේ.එච්.එන්. ජිනදාස දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ආනන්ද බාලිකා විදුහලේ ආර්.කේ.ඒ.ඒ. රණසිංහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ. 


මෙම තරගාවලි දෙකේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකා අධුනික බොක්සිං සංගමයේ උප සභාපති, ආසියානු බොක්සිං තරග තීරක සහ විනිසුරු කොමිසමේ ලේකම් හේමන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා ඉංගිරිය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

 


අදහස් (0)

ජාතික කනිෂ්ඨ ශූරතාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.