Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජොකොවික් - ෆෙඩරර් අර්ධ අවසන් පූර්ව වටයට

ජොකොවික් - ෆෙඩරර් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අටවරක් විම්බල්ඩන් ශූරතාව දිනා සිටින ස්විට්සර්ලන්තයේ රො‍ජර් ෆෙඩරර් සහ අවසන් වරට පැවැති (2019) විම්බල්ඩන් ශූරතාවලිය ජයගත් සර්බියාවේ නොවැක් ජොකොවික් මෙවර (2021) විම්බල්ඩන් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුසුදුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත් වූහ.

මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ජොකොවික්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 50 වැනි අවස්ථාව මෙයයි. එහිදී ඔහුට වඩා ඉදිරියෙන් සිටින ෆෙඩරර්, ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ 58 වැනි අවස්ථාව මෙය වන අතර ඔහු ‍ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටියි.

මේ වන විට තිස්නම වැනි වියේ පසුවන ෆෙඩරර් ඊයේ පැවැති අවසන් 16 දෙනාගේ වටයේ තරගයකදී වට 3-0 ක් ලෙස (7/5, 6/4, 6/2) ඉතාලියේ ලොරෙන්සෝ සොනෙගෝ පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී ඔහු රුසියාවේ ඩැනියෙල් මෙඩ්‍විඩෙව්ට ‍හෝ පෝලන්තයේ හියුබට් හර්කාස්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

තිස් හතර හැවිරිදි ජොකොවික් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ඊයේ පැවැති අවසන් 16 දෙනාගේ වටයේ තරගයකදී චිලී රාජ්‍යයේ ක්‍රිස්ටියන් ගාරින්‍ට එරෙහිව වට 3-0 ක (6/2, 6/4, 6/2) ජයක් වාර්තා කරමිනි. ඒ අනුව ඔහු අර්ධ අවසන් පූර්ව වටයේදී හංගේරියාවේ මාටන් ෆුසොවික්ස්ට එරෙහිව තරග වැදීමට නියමිතය.  

ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ තනි අයිතිය තමන් සතුකර ගැනීමේ අරමුණින් ෆෙඩරර් මෙවර විම්බල්ඩන් ශූරතාවලියට සහභාගි වී සිටියි. ජොකොවික්ට ඊට සහභාගි වී සිටින්නේ ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ෆෙඩරර් සහ සර්බියාවේ රෆායල් නඩාල් සමග සම වීමේ අවස්ථාව උදා කරගැනීමේ අරමුණෙනි.
 
විම්බල්ඩන් ශුරතා 8 ක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශුරතා 5 ක් සහ එක් ප්‍රංශ විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනාගැනීමට රොජර් ෆෙඩරර් සමත්ව සිටින අතර ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 19 ක් දිනා ගැනීමට ජොකොවික් සමත්ව සිටියි.  

-036


අදහස් (0)

ජොකොවික් - ෆෙඩරර් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.