Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජෝශප් වාස්ට - ත්‍රිත්වට හොකී සම ශූරතා

ජෝශප් වාස්ට - ත්‍රිත්වට හොකී සම ශූරතා

editorial - 2024 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මෙහෙයවූ  සමස්ත ලංකා පාසල්  වයස  18න් පහළ හොකී තරගාවලියේ බාලක සම ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලට සහ මහනුවර ත්‍රිත්ව විදුහලට හිමි විය.එහි බාලිකා ශූරතා  කුසලාන දිනා ගත්තේ කොළඹ මියුසියස් විදුහල විසිනි.

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී  අවසන් මහ තරග පැවැත්විණි. තරගමාලාවේදී සම ශූරතා රැසක්ම ප්‍රදානය කිරීම කැපී පෙණුනි.

තරගාවලියේ බාලක අවසන් මහ තරගය දෙපිල අතර ගෝල 2 - 2 කට සම වීමෙන් එසේ බාලක පළමු පෙළ කාණ්ඩය සම ශූරතාව ප්‍රදානය කිරීමෙන් අවසන් විය.ජෝශප් වාස් විදුහල ගිය වර තරගාවලියේද සම ශූරතාව හිමි කර ගෙන ඇත්තේ  මාතලේ ශාන්ත තෝමස් විදුහල සමගය.

තරගාවලියේ එහි බාලක අනු ශූරතාව මාතලේ ශාන්ත තෝමස් විදුහල විසින් ලබන අතර මාතලේ සහිරා විදුහල තරගාවලියේ පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලැබීය.

බාලක කාණ්ඩයේ බඳුන සම ශූරතාව  මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ප්‍රදානය කෙරුණි. එහි පළිහ සම ශූරතාව කොළඹ ඉසිපතන විදුහල සහ මොරටුව වේල්ස් කුමාර විදුහලට ප්‍රදානය කෙරුණි.

තරගාවලියේ බාලිකා (පළමු පෙළ)  ශූරතාව කොළඹ මියුසියස් විදුහල  විසින්  ගෝල 2 -1 කට දිනා ගත්තේ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල පරාජය කරමිනි.  බාලිකා දෙවැනි කාණ්ඩයේ අනුශූරතාව සමව හිමි කර ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල හා පානදුර බාලිකා විදුහලට හැකියාව ලැබිණි.

මාතලේ ක්‍රිස්තුදේව විදුහල සහ නාවල ජනාධිපති බාලිකා විදුහල බඳුන සම ශූරතාව හිමි කර ගන්නා අතර එහි පළිහ  සම ශූරතාව  අත් කර ගත්තේ කොළඹ විශාඛා විදුහල සහ කොළඹ කාන්තා විදුහලයි.

මෙවර බාලක දෙවැනි පෙළ කාණ්ඩයේ ශූරතාව යාපනය මහ විදුහල විසින් දිනා ගන්නා ලදී.අනු ශූරතාව මාතලේ විජයපාල විදුහලට හිමි විය. එහි සම තෙවැනි ස්ථානය මාතලේ ඇල්වල මහ විදුහල සහ මාතලේ සිරිමාවෝ බණ්‌ඩාරනායක ආදර්ශ විදුහලට බෙදී ගියේය.


අදහස් (0)

ජෝශප් වාස්ට - ත්‍රිත්වට හොකී සම ශූරතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.