Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටයිකොන්ඩෝ මුල් පුටුව චමින්ද පුංචිහේවාට

ටයිකොන්ඩෝ මුල් පුටුව චමින්ද පුංචිහේවාට

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයකු වන චමින්ද පුංචිහේවා මහතා නිතරගයෙන් පත්විය. ඒ එතෙක් එම ධුරය දැරූ සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න මහතාගේ ඉවත්වීමෙනි.

කෙසේ වුවත් ජයරත්න මහතා මෙවර ‘වයික්කාල් රිවෝරිච්’ හෝටලයේදී පැවති නිලිවරණයේදී උප සභාපති ධුරයකට පත්විය. දිවයිනේ ටයිකොන්ඩෝ ප්‍රදේශීය හා අනු සංගම් 21ක නියෝජිතයෝ වයික්කාලේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ පැවති නිලවරණයට සහභාගි වූහ.

ටයිකොන්ඩෝ නිලවරණය අවස්ථා පහකදීම කල් දැමීමට සිදුව තිබියදී නොබෝදා එය පවත්වා අවසන් කිරීමට ටයිකොන්ඩෝ සම්මේලනය පියවර ගත්තේය.

නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එස්. විරිත්තමුල්ල මහතා කටයුතු කළේය.

 

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය

• සභාපති - චමින්ද පුංචිහේවා මහතා
• ලේකම් - රුවන් සම්පත් අලහකෝන් මහතා
• භාණ්ඩාගාරික – සී.පී. ප්‍රනාන්දු මහතා
• උප භාණ්ඩාගාරික – එම්. කරුණාරත්න මහතා
• උප සභාපතිවරුන්  - කංචන ජයරත්න හා සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ යන මහත්වරු
• උප ලේකම් - දීපිකා ස්වර්ණමාලි වැහිගල්දෙනිය මෙනෙවිය.
• ක්‍රියාකාරී කමිටුව – එම්.එම්. ජයන්ත, චානක ඉන්දුලාල්, ඩී.පී. රුවන් නිශ්ශංක, මේජර් නාලින්ද රත්නායක, එච්.එස්.පී. ප්‍රනාන්දු යන මහත්වරු හා සරණී ගයත්‍රි ගොඩමුණේ මෙනෙවිය.

- 223


අදහස් (0)

ටයිකොන්ඩෝ මුල් පුටුව චමින්ද පුංචිහේවාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.