Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් සැප්තැම්බර් 12 වනදා පැවැත්වෙන ප්‍රදර්ශන තරඟයකදී සිව්වන කාණ්ඩයේ ලෝක ශූර රෝයි ජෝන්ස්ට මුහුණ දෙමින් බොක්සිං වළල්ල වෙත නැවත පැමිණීමට අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රදර්ශන තරගය වට 8 කින් යුක්ත වන අතර ගෙවීමේ පදනම මත නරඹන රූපවාහිනි සේවා ඔස්සේ සටන විකාශය කෙරේ.
මෙම වැඩසටහන සඳහා සුවිශේෂීවූ සංගීත සංදර්ශනයක්ද ඇතුළත් වේ.
මේ වන විට 53 හැවිරිදි වියේ සිටින ටයිසන් මැයි මාසයේදී තමා පුහුණුවීම් කරන වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාලය වෙත මුදාහරිමින් නැවත බොක්සිං වළල්ලට පැමිණිය හැකි බවට රසිකයින්ට ඇඟවීම් කළේය.
ලෝක බොක්සිං සංගම් ශූරතාව, ලෝක බොක්සිං සභාවේ ශූරතාව සහ ජාත්‍යන්තර බොක්සිං සම්මේලන ශූරතාව යන පදවි නාමයන් තුනම දිනාගත් පළමු හෙවිවේට් ශූරයා වන ටයිසන් නිකුත්කළ එක් වීඩියෝවක් අවසන් වන්නේ “මම ආපසු ආවා” යන පණිවිඩයෙනි.
සමාජ සත්කාර කටයුතු සඳහා මුදල් රැස් කිරීමට තමන් නැවතත් බොක්සිං වළල්ලට පැමිණීමට උනන්දුවක් දක්වන බව ටයිසන් කියා සිටියේය. ඒස සමගම වාගේ “යකඩ මයික්” සමග සටන් කිරීමට තරම් ශක්තිවන්තයෝ අවස්ථාවක් ලබාගැනීමට පෙළ ගැසුණහ.
රෝයි ජෝන්ස් තෝරා ගැනීමට පෙර පැරණි ප්‍රතිවාදියා වන එවැන්ඩර් හෝලිෆීල්ඞ් සහ නවසීලන්ත රග්බි ක්‍රීඩක සොනී බිල් විලියම්ස් දෙදෙනාම ටයිසන් සමග සටනට සූදානමින් සිටි බව වාර්තා විය. එකදිගට ලෝක ශූරතා හතක් දිනා සිටින 51 හැවිරිදි ජෝන්ස් අවසන් වරට සටන් කළේ 2018 වසරේදීය.
වයස අවුරුදු 20 දී, එවකට සිටි ප්‍රබලතම ක්‍රීඩකයකු වූ ට්‍රේවර් බර්බික් පරාජය කළ ටයිසන් බොක්සිං ඉහිතාසයේ ලාබාලම හෙවිවේට් ශූරයා බවට පත්විය. කෙවින් මැක්බ්‍රයිඞ්ට පරාජය වීමෙන් පසු, 2005 දී විශ්‍රාම යාමට පෙර, ඔහු සිය වෘත්තීය සටන් 58 කින් 50 ක්ම දිනා ගත්තේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.