Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ මහනාම විද්‍යාලය අතර පි.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භවූ 13 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්.සේනානායක විද්‍යාලය කඩුලු 9 කට ලකුණු 244 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
ඕවර 85 ක් පුරා පන්දුවට පහරදෙමින් දිනය පුරා කඩුලු ආරක්ෂා කරගැනීමට ඩී.එස්.සේනානායක පිතිකරුවන් සමත්වුවද ලකුණු 250 සීමාව පසුකිරීමට ඔවුන්ට අවස්ථාවක් හිමිනොවූහ.
ලකුණු 66 ක් රැස්කළ ෂෙනල් බාස්කරන් ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සඳරු වික්‍රමරත්න (56) අර්ධ ශතකයක් ලබාගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. මනින්ද්‍ර ජයතිලක ලකුණු 38 ක් සහ අමිත දාබරේ ලකුණු 36 ක් ලබාගැනීමට සමත්වූහ.
ළහිරු විතාන කඩුලු 3 ක් සහ සොනාල් ගමගේ කඩුලු 2 ක් දවාගනිමින් මහනාම විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූවද ඩී.එස්.සේනානායක විද්‍යාලයේ කඩුලු සියල්ල දවාගැනීමට ඔවුන් අපොහොසත් වූහ.
දිනය නිමාවනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි මහනාම විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 20 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනාගත් මහනාම විද්‍යාලයේ නායකයා පළමුව පන්දුවට පහරදීමට සඳහා ඩී.එස්.සේනානායක විද්‍යාලයට ආරාධනා කළේය.
හෙට (30 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ඩී.එස්.සේනානායක විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 84.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 244
(ෂෙනල් බාස්කරන් 66, සඳරු වික්‍රමරත්න 56, මනින්ද්‍ර ජයතිලක 38, අමිත දාබරේ 36, ළහිරු විතාන 52/3, සොනාල් ගමගේ 56/2)
මහනාම විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 8 කදී කිසිවකු නොදැවී ලකුණු 20
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.