Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තනුෂාන්ට-අස්ලම්ට ඉහළ ලංසු දෙකක්

තනුෂාන්ට-අස්ලම්ට ඉහළ ලංසු දෙකක්

editorial - 2022 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේදී ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත 2022 ඉන්දිය ලීග් (වෘත්තිය) කබඩි (පිරිමි) තරගාවලියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඉහළ ලංසු දෙකකට වෙන්දේසිවී ඇත.

එහිදී ‘තමිල් තලෙයිවා’ කණ්ඩායමට තනුෂාන් ලක්‍ෂමමෝහන් ද බෙන්ගාල් වොරියස් කණ්ඩායමට අස්ලම් සාජා ද එසේ ඉන්දියන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදලකට වෙන්දේසි වී තිබේ.

ඉන්දියන් රුපියල් මිලියනයක අද ශ්‍රී ලංකා මුදලේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 45ක් පමණ අගයක් ගනියි.

 ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා ඉන්දීය වෘත්තීය කබඩි තරගාවලියේ සංවිධායකයන් සමග කළ සාකච්ඡාවකින් පසුව 2022 ඉන්දිය ‘ෆ්‍රෝ’ කබඩි තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනකු සඳහා ලංසු තැබීමට අවස්ථාව හිමි විය.

මෙසේ ලංසු ඉදිරිපත් කළ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වූයේ අෂේන් මිහිරංග හා සඳුන් නිරෝධයි. ඔවුන් දෙදෙනාටත් ඉදිරියෙදී ලංසු ඉදිරිපත් වනු ඇතැයි කබඩි සම්මේලනය අපේක්ෂා කරයි.

මෙසේ වෙන්දේසි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා මෙම වසරේ බංග්ලාදේශයේ පැවැති ‘බන්ගබන්දු’ කුසලාන තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූවෝ වෙති.

මෙම ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම ලංසුව ලැබී ඇත්තේ ‘තමිල් තලෙයිවා’ කණ්ඩායමට තෝරාගත් පවන් කුමාර් ෂර්වන් නැමැති ක්‍රීඩකයාටයි. එහි ලංසුව ඉන්දීය රුපියල් කෝටි 2.26 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10 කට වැඩි මුදලකි.

මීට පෙරත් කබඩි සම්මේලනය ඉන්දීය වෘත්තීය ලීග් කබඩි තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරිපත් කර සිටියත් අලෙවි වූ පළමු අවස්ථාව මෙයයි. තරගාවලියට නිර්දේශ කර ගැනීමට සමගාමීව මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාට තරගාවලියට පෙර ඉන්දියාවේදී සති දෙකක නේවාසික පුහුණුවීම් සැසි වාරයක්ද තරග සංවිධායකයන් වෙතින් හිමි වේ.

ඉන්දීය අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ ආකෘතියට අනුව යමින් කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් ඉන්දීය කබඩි ලීග් තරගාවලිය පැවැත් වේ.


අදහස් (0)

තනුෂාන්ට-අස්ලම්ට ඉහළ ලංසු දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.