Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය 26 දා

දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය 26 දා

editorial - 2024 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දකුණු ආසියානු මේසපන්දු සම්මේලනයේ ආරාධනාවට අනුව ශ්‍රී ලංකා මේපන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය රටවල් 6 ක් සහභාගීත්වයෙන් මෙම වසරේ මෙම මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකාවේදී මෙවන් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 7 කට පසුව වන අතර මින් පෙර දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියක් මෙරටදී පැවැතියේ 2017 වසරේදීය. රටවල් 5 ක සහභාගී වූ එම තරගාවලිය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

ආසියානු යොවුන් මේසපන්දු තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන මෙම දකුණු ආසියානු තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, බංග්ලාදේශය සහ නේපාලය සහභාගි වනු ඇත. 

මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර පළමු අදියරේදී අවුරුදු 19 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා ලෙස කණ්ඩායම් තරග පැවැත්වේ. එහි එක් කණ්ඩායම් තරගයක් කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වනු ඇත. 

දෙවැනි අදියරේදී අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය සඳහා බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්වෙන අතර 15 න් පහළ වයස් කාණ්ඩය සඳහා බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගල සහ බාලිකා යුගල තරග පමණක් පැවැත්වේ. 


තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, නිලධාරීන් සහ සංවිධායකයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු... 


අදහස් (0)

දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.