Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට තබමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය ලබන අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට එම සම්මේලනය සැරසෙයි. ඒ සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක්ද පසුගියදා පත් කෙරුණි.
දැන්පන්දු සම්මේලනයේ කවුන්සිල රැස්වීම පෙරේදා සම්මේලන මූලස්ථානයේදී පැවැත්වුණ අවස්ථාවේදී සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබේ. දැල්පන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළු නිවැරදි කර ගැනීම එහි අරමුණ බවද ඇය ප්‍රකාශ කළාය.
ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණක් වන්නේ දැනට වසරකට සීමා වී තිබෙන දැල්පන්දු සම්මේලනයේ පාලන කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කරගැනීමයි.
නැවැත වරක් දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරයට තරග වැදීමට අපේක්ෂා කරන තමා එහිදී පත්වන්නේත් වසරක් සඳහා පමණක් වන බවත් එහි නිල කාලය දීර්ඝ කර ගන්නා ව්‍යවස්ථා සංශෝධනයකට නිලවරණය ළඟ තිබියදී යාම තමා අනුමත නොකරන බවත් වත්මන් සභාපතිනිය පවසා තිබේ. වික්ටෝරියා මහත්මිය මේ වනවිට ආසියානු දැල්පන්දු සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය ලෙසත් කටයුතු කරයි.
දැල්පන්දු නිලවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ පද්මජිනා සිරිවර්ධන, විශ්‍රාමලත් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු වන ආර්.එම්. ජී. චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන්ය.
මෑතකදී කළ සම්මේලනයේ වෙනත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව දැල්පන්දු සම්මේලනයේ නිලධාරී මණ්ඩලය (විධායක සභාව) මේ වනවිට ධුර හයකට සීමාවී තිබේ. ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු එහි වත්මන් නිලධාරී මණ්ඩලයේ පත්වීම්වලට එරෙහිව වෙළෙඳසේවා දැල්පන්දු සංගමය අභියාචනාධිකරණයේ පැවරූ නඩුවක් යළිත් මෙම 15 වැනිදා කැඳවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.