Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සහ පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලන නිලවරණය යළිත් කල් දැමීමට සිදුව තිබේ. වසර 2021 - 2022 පාලන කාලය සඳහා මෙම නිලවරණය පැවැත්වීමට නියමිතව තිබිණ.
නිලවරණ කැඳවීමට පෙර ඉටු කළ යුතු කාර්යභාරයන් සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් තුළ දැල්පන්දු නිලවරණය මෙන්ම මේ මාසය ඇතළත පැවැත්වීමට නියමිතව තිබූ තවත් ජාතික ක්‍රීඩා සංගම් කීපයකට නිලවරණ යළිත් වතාවක් අත්හිටුවීමට සිදුව ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.
කෙසේ වුවත් දැල්පන්දු නිලවරණය කැඳවීමේදී සම්මේලනය නිර්දේශ කර තිබූ බව සඳහන් නව ව්‍යවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීමෙන් අලුතෙන් පත්වන විධායක සභාව පස් දෙනෙකුට සීමාවන අතර එය වසරක නිල කාලයට පමණක් බලපැවැත්වෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
දැල්පන්දු සම්මේලනයේ සංශෝධිත ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි නොකිරීම ඊට හේතුව ලෙස අමාත්‍යංශය කියයි. කෙසේ වුවත් දැල්පන්දු සම්මේලනය ආරංචිමාර්ග සඳහන් කරන්නේ සංශෝධිත ව්‍යවස්ථාව මේ වන විටත් අමාත්‍යංශයේ ලියාපදිංච කර අවසන් වූ බවයි. එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට ප්‍රතිචාර නොදැක්වූ බවත් දැල්පන්දු සම්මේලනයේ හිටපු විධායක සභාව පවසයි.
සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී ඡන්ද විමසීමක් සිදු වන්නේ නම් එය ඒ අනුව සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප ලේකම් හා උප භාණ්ඩාගාරික යන ධුර පහට පමණක් සීමාවනු ඇත.
කෙසේ වුවත් 2021 මාර්තු 10 වැනිදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලියාපදිංචිය සඳහා යොමු කළ බව කියන දැල්පන්දු සම්මේලනයේ සංශෝධිත ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවට ඉහත තනතුරැ හැරෙන්නට නියෝජ්‍ය සභාපති ධූරයක්, උපසභාපති ධුර තුනක් හා තරග ලේකම් යන ධුරද අන්තර්ගතය.
සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී පත්කර ගන්නා දැල්පන්දු විධායක සභාවටද නාමික උපසභාපති ධුරයක් හිමිවන නමුදු එහි අසුන්ගැනීමේ නිල හිමිකම ඇත්තේ ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ නියෝජිතවරියටයි. පාසල් දැල්පන්දු සංගමය, දැල්පන්දු සම්මේලනයේ සාමාජික සංගම් 34 ට ඇතුළත්වන නමුත් ඔවුන්ට නිලවරණයේදී ඡන්ද බලය හිමි නොවේ.
දැල්පන්දු නිලවරණය පසුගිය මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර රට තුළ උද්ගත වූ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එය කල්දමන ලදි. ඒ වනවිට නිලවරණ කමිටුව නාමයෝජනා විරෝධතා විභාග කරමින් සිටියේය.
කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යංශය පසුව තීරණය කළේ නිලවරණය මුල සිට නැවත පැවැත්වීම සඳහා අලුතින් නිලවරණ කමිටුවක් කැඳවීමය. එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරැ විමල් නම්බුවසම් මහතාත් එහි සාමාජිකයන් ලෙස සබරගමුව පළාත් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත ජයතිලක හා විශ්‍රාමික විනිසුරැ උපාලි සමරවීර යන මහත්වරැ කටයුතු කරති.
වසර 2018 – 19කාලසීමාවේදී දැල්පන්දු සම්මේලනය ක්‍රියාත්මක වූයේද විධායක සභාව සාමාජිකයන් හයකට සීමා වෙමිනි. ඒ නියෝජ්යන සභාපති ධුරයකින්ද සමන්විතය.
මෙවර දැල්පන්දු නිලවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන හා හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි යන මහත්මීන් සභාපති ධුරයට නාමයෝජනා බාරදීමට නියමිතය. ඔවුන් මැයි 25 දා පැවැත්වීමට සූදානම් කර තිබූ නිලවරණයේදී ඒ සඳහා නාමයෝජනා බාරදී තිබුණි.
හිටපු සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු පාර්ශවයේ සහයෝගය කෝකිලා ගුණවර්ධන මහත්මියට හිමිව තිබේ. ඒ අතර දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක වන ට්‍ර්ක්සි නානායක්කාර මහත්මිය ඇතුළු පාර්ශවය රංජනී ජයකොඩි මහත්මියගේ සහයට ඉදිරිපත්ව සිටියි.
කෙසේ වුවත් දැල්පන්දු සම්මේලනයේ කටයුතු පස්දෙනකුට සීමා වූ විධායක සභාවක් මගින් පවත්වාගෙන යාම දුෂ්කර කටයුත්තක් බවත් විශේෂයෙන්ම නියෝජ්‍ය සභාපති ධුරයක් ඇති කිරීමේ වැදගත්කම වන්නේ සභාපතිනිය නොමැති අවස්ථාවක් උද්ගත වනවිට එම ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.