Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු පුහුණුකරුවන්ගේ පරීක්ෂණය 9 වැනිදා සිට

දැල්පන්දු පුහුණුකරුවන්ගේ පරීක්ෂණය 9 වැනිදා සිට

editorial - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරුවන්ගේ සංගමයේ සහයෝගයෙන් සංවිධානය කරන දැල්පන්දු පුහුණුකරුවන් සඳහා වන  උසස් පාඨමාලා පරීක්ෂණය ලබන සෙනසුරාදා (9) ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකක ශ්‍රවණාගාරයේදී ආරම්භ වේ. මෙම පරීක්ෂණය 17 හා 18 යන දිනවලදීත් පැවැත්වේ.

කොවිඩ් උවදුර හමුවේ මෙම පාඨමාලා පරීක්ෂණය දැඩි සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව පැවැත්වෙන බව දැල්පන්දු සම්මේලනය පවසයි.

මෙම පරීක්ෂණය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය, ජාතික පෝෂණවේදීන්ගේ සංගමය හා ජාතික ක්‍රීඩා විද්‍යායතනයද සහයෝගය දක්වයි.

 


අදහස් (0)

දැල්පන්දු පුහුණුකරුවන්ගේ පරීක්ෂණය 9 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.