Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දිගු දුර පිහිනීමේ (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජර්මනියේ ෆ්ලෝරියන් වෙල්බ්‍රොක් සමත් විය. කිලෝ මීටර් 10 කින් සමන්විත වූ එම තරගය නිමා කිරීම සඳහා ෆ්ලෝරියන්ට පැය 1 යි, විනාඩි 48 යි, තත්ත්පර 33.07 ක කාලයක් ගතවිය.
23 හැවිරිදි ෆ්ලෝරියන්, මෙවර මෙවර ඔලිම්පික් උළෙලේදී දිනාගත් දෙවැනි පදක්කම මෙය වන අතර මින් පෙර මීටර් 1500 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමටද ඔහු සමත් විය.
2019 වසරේ දකුණු කොරියාවේදී පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියේදී දිගු දුර පිහිනුම් (කිලෝ මීටර් 10) සහ මීටර් 1500 නිදහස් ආර ඉසව් දෙකෙන් රන් පදක්කම් දෙකක් දිනාගැනීමටද ෆ්ලොරියන් සමත්ව සිටියේය.
ෆ්ලෝරියන්ට වඩා තත්ත්පර 25.3 ක් පසුපසින් තරගය නිමා කළ හංගේරියාවේ ක්‍රිස්ටෝ රසොව්ස්කි (පැය 1:48:59) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ග්‍රෙගරියෝ පැල්ට්‍රිනීරි (පැය 1:49:01.1) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ෆ්ලෝරියන්ට වඩා තත්ත්පර 27.4 පසුපසින් තරගය නිමා කරමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.