Last Update  :  2025-03-16 19:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දින පහේ පාසල් ජල ක්‍රීඩා තරගාවලියට 5000ක්

දින පහේ පාසල් ජල ක්‍රීඩා තරගාවලියට 5000ක්

editorial - 2023 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දින පහක් දක්වා ඇදී  යන ඉසව් 164කින් සමන්විත ශ්‍රී ලංකා පාසල 42  වැනි ජල ක්‍රීඩා ශූරතා තරග මාලාව සඳහා දිවයිනේ පාසල් 252 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක් කොළඹ සුගතදාස පිහිනුම් සංකීර්ණයට  එක්වන බව ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය පවසයි.

තරගමාලාව  අගෝස්තු 23 වැනිදා සිට 27 වැනිදා දක්වා එහිදී පැවැත්වේ. ඉසව් වයස් කාණ්ඩ ගණන හයකි. ඒ වයස 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ බාලක හා බාලිකා පරිදිය.

තරගමාලාව 48 වැනි වතාවටත් පැවැත්වීමේදී මෙවර  29 වැනි වතාවටත් අනුග්‍රහය දැක්වීමට මයිලෝ සන්නාමය යටතේ නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි.

ගිය වරද ඇතුළුව වසර 18ක් තිස්සේ මෙහි සමස්ත බාලක ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල දිනාගෙන තිබේ. කෙසේ වුවත් මහනුවර මහාමායා බාලිකා විදුහල එපරිදිම වසර 18ක් තිස්සේ දිනා සිටි සමස්ත බාලිකා ශූරතාව ගිය වර කොළඹ විශාඛා විදුහල හිමිකර ගැනීම විශේෂ සිදුවීමක් වන බව ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ අධීක්‍ෂණ අධ්‍යක්‍ෂ ක්‍රිෂාන් දුමින්ද මහතා පවසයි.


අදහස් (0)

දින පහේ පාසල් ජල ක්‍රීඩා තරගාවලියට 5000ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.