Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෙල්දෙණිය ජාතික පාසල සහ මහනුවර ඩි.එස්. සේනානායක විද්‍යාලය අතර මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) ආරම්භවූ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ඩි.එස්.සේනානායක විද්‍යාලයට සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි. ඒ අනුව තෙල්දෙණිය ජාතික පාසල පළමු ඉනිමේදී රැස්කළ ලකුනු සංඛ්‍යාවට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටීමට ඔවුන් සමත්වූහ.
අර්ධ ශතකයක් ලබාගත් සමීර සමරජීව (59) ඩි.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර කේෂල ආරියවංශ කඩුලු 4 ක් සහ මින්දික ඒකනායක කඩුලු 3 ක් දවාගනිමින් තෙල්දෙණිය ජාතික පාසල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනූ මහනුවර ඩි.එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා තෙල්දෙණිය ජාතික පාසලට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 145 ක් පමණී. තෙල්දෙණිය ජාතික පාසල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට අර්ධ ශතකයක් ලබාගත් ලක්ෂිත ඒකනායක (51) සමත්වූ අතර රවිඳු අත්තනායක නොදැවී ලකුණු 33 ක් රැස් කළේය.
නවෝද්‍ය ජයවීර සහ සමීර සමරවීර කඩුලු 4 ක් දවාගනිමින් මහනුවර ඩි.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හෙට (8 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
තෙල්දෙණිය ජාතික පාසල- පළමු ඉනිම - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(ලක්ෂිත ඒකනායක 51, රවිඳු අත්තනායක නොදැවී 33, නවෝද්‍ය ජයවීර 48/4, සමීර සමරජීව 53/4)
ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී ලකුණු 146
(සමීර සමරජීව 59, කේෂල ආරියවංශ 22/4, මින්දික ඒකනායක 27/3, තුෂාර බණ්ඩාර 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.