Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දෙවැනි දිනය තවත් උණුසුම් වෙයි

දෙවැනි දිනය තවත් උණුසුම් වෙයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ තීරණාත්මක අවසන් සතියේ දෙවැනි දිනයවූ අද (8 වැනිදා) තරග අවසන් කරනවිට තරගාවලිය තවත් තියුණු මුහුණුවරක් ගත්තේය.

මේ වනවිටත් හලාවත් මේරියන්ස් පිල එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ඇති එස්.එස්.සී පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත. ඒ සමගින් එන්.සී.සී පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 411 සාර්ථක ලෙස හඹායන සී.සී.සී පිල කඩුලු 3 කට ලකුණු 322 ක් රැස්කරමින් පළමු ඉනිමේ ජයග්‍රහණයට ඉතා ආසන්නව ඇත.

එස්.එස්.සී සහ සී.සී.සී කණ්ඩායම් වලට අභියෝගයක් වෙමින් ඉදිරියට පැමිණෙන සැරසන්ස් කණ්ඩායම ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර ගැනීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 66 කි. ඒ සඳහා ඔවුන්ට කඩුලු 6 ක් ඉතිරිව ඇත.

සී.සී.සී (69.87), එස්.එස්.සී (67.12), ද්‍රවිඩ සංගමය (65.65) සහ සැරසන්ස් (63.25) යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල පසුවන අතර මෙම සති අන්තයේදී පළමු ඉනිමේ හෝ පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවේ.

තරගාවලියේ අවසන් තරග 4 කෝල්ට්ස්, ආර්.ප්‍රේමදාස, එන්.සී.සී සහ පී.සරවනමුත්තු යන ක්‍රීඩාංගණවලදී දෙවැනි දිනටත් අද පැවැති අතර සී.සී.සී පිලේ රොන් චන්ද්‍රගුප්ත (118) සහ මිනෝද් භානුක (104), කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා (127) පන්දුවෙන් දස්කම් දැක්වූ අතර එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 411, සී.සී.සී 322/3

එන්.සී.සී පළමු ඉනිම - ඕවර 104.3 කදී සියලුදෙනා දැවී ලකුණු 411
(ළහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත 162, සචින්ත පිරීස් නොදැවී 27, චතුරංග ද සිල්වා 25, වනිඳු හසරංග 63/4, අශාන් ප්‍රියංජන් 52/2, ළහිරු මදුශංක 52/2)

සී.සී.සි පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 322
(රොන් චන්ද්‍රගුප්ත 118, මාධව වර්ණපුරා 20, මිනෝද් භානුක 104, අශාන් ප්‍රියංජන් නොදැවී 49)


යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 574/9, යුදහමුදාව 41/2

කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 148.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 574
(අවිෂ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රංදික 106, ප්‍රියමාල් පෙරේරා 127, ජෙහාන් ඩැනියල් 29, නිසල තාරක 55, අසේල ගුණරත්න 40/2, නුවන් ලියනපතිරණ 67/2, බුද්ධික මදුශංක 91/2, ධනුෂික බණ්ඩාර 124/2)

යුදහමුදා පළමු ඉනිම - ඕවර 14.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 41


ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය 330, සැරසන්ස් 264/4

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - ඕවර 101.4 කදී සියලුදෙනා දැවී ලකුණු 330
(සිතාර ගිම්හාන 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර 68, රමිත රඹුක්වැල්ල 40, සාලිය සමන් 40/3, ගමිඳු අමරසිංහ 74/3)

සැරසන්ස් පළමු ඉනිම - ඕවර 77 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 264
(ඇන්ඩි සොලමන්ස් 77, ප්‍රමුද් මදුවන්ත නොදැවී 75, අශේන් බණ්ඩාර නොදැවී 88)


එස්.එස්.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී 374, හලාවත මේරියන්ස් 274

එස්.එස්.සී පළමු ඉනිම - ඕවර 101 කදී සියලුදෙනා දැවී ලකුණු 374
(නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාෂ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක 89, හිමේෂ් රත්නායක 22, පුලින තරංග 58/3, සාගර් උදේෂී 138/4)

හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලුදෙනා දැවී ලකුණු 274
(තීක්‍ෂිල ද සිල්වා 72, රිසිත් උපමාල් 29, නිමේෂ් විමුක්ති 40, පුලින තරංග 51, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 30, සචිත්‍ර සේනානායක 73/6)

 


අදහස් (0)

දෙවැනි දිනය තවත් උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.