Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පසිඳු සූරියබණ්ඩාරගේ (නොදැවී 102) සහ අහන් සංචිතගේ (නොදැවී 74) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (31 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විද්‍යාලය ඕවර 39.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් නොදැවී 102 ක් සහ අහන් සංචිත පන්දු 79 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 159 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට පසිඳු සූරියබණ්ඩාර සහ අහන් සංචිත සමත්වූහ.
මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකරගත් රාජකීය විද්‍යාලය ශූරතාවට හිමිකම් කීවේය.
කාසියේ වාසිය දිනූ රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී සුමංගල විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණි.
ඉමෙත් ගම්පොල (84) අර්ධ ශතකයක් ලබාගනිමින් ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සසිඳු ද සිල්වා ලකුණු 35 ක් සහ ප්‍රභාෂ් ජයසේකර ලකුණු 20 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
ඉෂාන් බාලසූරිය සහ සදීෂ රාජපක්ෂ කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී සුමංගල විද්‍යාලීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 231
(සසිඳු ද සිල්වා 35, ඉමෙත් ගම්පොල 84, ප්‍රභාෂ් ජයසේකර 20, ඉෂාන් බාලසූරිය 38/2, සදීෂ රාජපක්ෂ 37/2)
රාජකීය විද්‍යාලය - ඕවර 39.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 232
(පසිඳු සූරියබණ්ඩාර නොදැවී 102, අහන් සංචිත නොදැවී 74, කවිඳු මදරසිංහ 32)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.