Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත්විය. සෙනුචූරියන්හිදී පැවැති තෙවැනි තරගයේදී ලකුණු 39 ක ජයක් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
ඬේන් වැන් නිකර්ක් ලකුණු 38 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිය බවට පත්වූ අතර ටස්මින් බ්‍රිට්ස් ලකුණු 36 ක් සහ ලාරා ගූඩල් ලකුණු 35 ක් රැස්කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
වේගවත් පිතිහරඹයක නිරතවූ සුනේ ලූස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත් අතර ඕෂධී රණසිංහ, චමරි අතපත්තු, ඉනෝකා රණවීර සහ කවීෂාර දිල්හාරී කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත්වුවද ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට අපොහොසත් විය.
ශශිකලා සිරිවර්ධන පන්දු 21 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 29 ක් රැස්කළද සෙසු පිතිකාරියන් අසාර්ථක විම හේතුවෙන් තරගය පරාජයට පත්විය.
නදින් ඩි ක්ලර්ක් කඩුලු 3 ක් සහ ශබ්නිම් ස්මයිල් කඩුලු 2 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 163
(ඬේන් වැන් නිකර්ක් 38, ටස්මින් බ්‍රිට්ස් 36, ලාරා ගූඩල් 35, සුනේ ලූස් 26)
ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 124
(චමරි අතපත්තු 43, ශශිකලා සිරිවර්ධන 29, නදින් ඩි ක්ලර්ක් 27/3, ශබ්නිම් ස්මයිල් 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.