Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සහ මහනුවර නගර සභාව එක්ව පළමු වරට සංවිධානය කරන නගරාධිපති කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ අවසන් මහ තරග අද (3 වැනිදා) මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වසරේදී (2019) පැවැත්වෙන දෙවැනි සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර එහිදී අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 15 න් පහළ, 18 න් පහළ, 21 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා තරගද, විවෘත කාණ්ඩය සඳහා පිරිමි සහ කාන්තා තරගද පැත්විණ.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 0703-144268 යන දුරකතන අංකය ඔස්සේ මහනුවර දිස්ත්‍රික් ප්‍රවීණයන්ගේ මේසපන්දු සංගමයේ සභාපති මන්සිල් මුතාලිබ් මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.