Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල්ට අගනා උපන්දින තෑග්ගක්

නඩාල්ට අගනා උපන්දින තෑග්ගක්

editorial - 2021 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ප්‍රංශයේ රිචඩ් ගැස්කුයෙට්ට එරෙහිව පැවැති දෙවැනි වටයේ තරගය වට 3-0 ක් ලෙස ජයගනිමින් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් විය. පිට පිටම සිවුවරක් ප්‍රංශ විවෘත ශූරතාව දිනා සිටින නඩාල් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් (පිරිමි) ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කීමේ තනි අයිතිය තමන් සතු කරගැනීමේ අභිලාෂයෙන් මෙවර ප්‍රංශ විවෘත තරගාවලියට එක්ව සිටියි.

ප්‍රංශ විවෘත ශූරතා 13 ක්, ඇමරිකානු විවෘත ශූරතා 4 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටින නඩාල්, මේ වන විට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමග සම තත්ත්වයේ පසුවෙයි. ‍කෙසේ වුවත් ෆෙඩරර් මෙන්ම ලොව වත්මන් අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජෙකොවික්ද මෙවර තරගාවලියේ තෙවැනි වටය දක්වා පැමිණ සිටීම නඩාල්ගේ පීඩනය තවත් ඉහළ නංවනු ඇත.

ගැස්කුයෙට්ට එරෙහිව පැවැති තරගයේ පළමු වටය ලකුණු 6-0 ක් ලෙස පහසුවෙන්ම ජයගැනීමට නඩාල් සමත් වුවද, ඉතා තියුණු තරගයකින් අනතුරුව ඔහුට දෙවැනි වටය ජයගැනීමට හැකි වූයේ ලකුණු 7-5 ක් ලෙසිනි. එහෙත් කිසිදු අපහසුවකින් තොරව තෙවැනි වටයේදී ලකුණු 6-2 ක් ලෙස ගැස්කුයෙට් පරාජය කළ නඩාල්, වට 3-0 ක ජයග්‍රහණයකින් සිය 35 වැනි උපන්දිනය සැමරුවේය.

ඒ අනුව සෙනසුරාදා (5 වැනිදා) පැවැත්වෙන තෙවැනි වටයේ තරගයේදී නඩාල් එංගලන්ත ක්‍රීඩක කැමරන් නෝරී එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. මේ වන විට ලෝක‍ ශ්‍රේණිගත කිරීම්හි 45 වැනි ස්ථානයේ රැදී සිටින නෝරි, මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කේවල ඉසව්වේ අවසන් 32 දෙනා අතරට සුදුසුකම් ලබා සිටින එකම බ්‍රිතාන්‍ය ජාතිකයාද වේ.

මේ අතර දෙවැනි වටයේ තරගවලදී උරුගුවේහි පැබ්ලෝ කුයේවාස් වට 3-0 ක් ලෙස (6/3, 6/2, 6/4) පරාජය කිරීමට නොවැක් ජෙකොවික්ද, ක්‍රොයේෂියාවේ මැරින් සිලික් වට 3-1 ක් ලෙස (6/2, 2/6, 7/6, 6/2) පරාජය කිරීමට රොජර් ෆෙඩරර්ද සමත් වූහ.

සෙනසුරාදා පැවැත්වෙන තෙවැනි වටයේ තරගවලදී ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලිතුවේනායාවේ රිකාඩස් බෙරකිනිස්ට සහ ජර්මනියේ ඩොමිනික් කොයිෆර්ට එරෙහිවද තරග වැදීමට නියමිතය.

-036

 


අදහස් (0)

නඩාල්ට අගනා උපන්දින තෑග්ගක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.