Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල්ට ඇමරිකානු විවෘත ශූරතාවලියත් අහිමි වෙයි

නඩාල්ට ඇමරිකානු විවෘත ශූරතාවලියත් අහිමි වෙයි

editorial - 2021 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ ආබාධයක් හේතුවෙන් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ට ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ. මේ වන විට 35 වැනි වියේ පසුවන නඩාල් සිව්වරක් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවට හිමිකම් කියා ඇත.

වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගා වලිය වන ඇමරිකානු විවෘත තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වේ.

ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා වශයෙන් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ සර්බියාවේ නොවැක් ජොකොවික් සමග සම වාර්තාවකට හිමිකම් කියන නඩාල්ට මෙම ආබාධය හේතුවෙන් කැනේඩියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද අහිමිවිය.  

ඉකුත් වසරේ (2020) පැවැති ඇමරිකානු විවෘත තරගාවලියේ ශූරයා බවට පත්වූ ඕස්ට්‍රේලියාවේ ඩොමිනික් තියේම් මැණික් කටුවේ ආබාධයක් හේතුවෙන්ද,‍ රොජර් ෆෙඩරර් දණහිසේ ආබාධයක් හේතුවෙන්ද නඩාල්ට පෙර මෙවර ඇමරිකානු විවෘත තරගාවලියෙන් ඉවත් වූහ. මම ක්‍රීඩකයන්ගේ ඉවත්වීම් හේතුවෙන් මෙවර ඇමරිකානු විවෘත තරගාවලිය ඉතා දියාරු තරගාවලියක් වන බව විචාරකයෝ කියති.

"මගේ පාදයේ ආබාධය නිසා අවුරුද්දක් පුරා මම බොහෝ දුක් විඳිමින් සිටිනවා. ඉන් පූර්ණ සුවය ලැබීමට ‍යම් කාලයක් ගතවේවි. ටික කාලයක් තරග බිමෙන් ඈත්ව සිටීම ‍ඒ සඳහා ගත හැකි හොඳම පියවර කියලා මම හිතනවා. මම මේ තීරණය ගත්තෙ මගේ පවුලේ අය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි." යැයි නඩාල් පැවසීය.

ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයේදී නොවැක් ‍ජොකොවික් හමුවේ පරාජයට පත්වීමෙන් පසුව තමාට යම් විවේකයක් අවැසි බව පවසමින් නඩාල්, විම්බල්ඩන් තරගාවලියට මෙන්ම ටෝකියෝ ඔලිම්පික් උළෙලටද සහභාගි වීමෙන් වැලකී සිටියේය.


 

-036


අදහස් (0)

නඩාල්ට ඇමරිකානු විවෘත ශූරතාවලියත් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.