Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල් ඉතාලි විවෘත ශූරතාව දිනාගනී

නඩාල් ඉතාලි විවෘත ශූරතාව දිනාගනී

editorial - 2021 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියානු ක්‍රීඩක නොවැක් ජොකොවික් පරාජය කරමින් 10 වැනි වරටත් ඉතාලි විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමත් වි ය. නඩාල් මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

මේ වන විට 34 වැනි ‍වියේ පසුවන නඩාල් සහ 33 වැනි වියේ පසුවන ජොකොවික් අතර ඉතාලි විවෘත ශූරතාව වෙනුවෙන් ඉකුත් සති අන්තයේදී පැවැති අවසන් මහ තරගය පැය දෙක හමාරක් පුරා පැවැත්විණ.

අවසන් මහ තරයේදී වට 2-1 ක් ලෙස ජොකොවික් පරාජය කිරීමට නඩාල් සමත් වූ අතර එම තරගයේ ලකුණු තත්ත්වය 7/5 ක්, 1/6 ක් සහ 6/3 ක් ලෙස සටහන් විය. පළමු වටයේදී දෙදෙනා අතර ඉතාමත් තියුණු තරගයක් පැවැති අතර වරෙක දෙදෙනා ලකුණු 5-5 ක් ලෙස සම තත්ත්වයේ පසුවූහ.

එතැන් පටන් ඉතාමත් ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නඩාල් සිය ගිණුමට තවත් ලකුණු 2 ක් එක්කර ගනිමින් 7/5 ක් ලෙස එම වටය නිමා කළේය. පළමු වටයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් තැවතත් තරගයට අවතීර්ණ වූ ජොකොවික් දෙවැනි වටය ලකුණු 6/1 ක් ලෙස ජයගනිමින් තරගය වට 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ආවේය.

කෙසේ වුවත් දෙදෙනාටම ඉතාමත් තීර්ණාත්මක වූ අවසන් වටයේදී ලකුණු 6/3 ක් ලෙස ජෙකොවික් පරාජයට පත්කළ නඩාල් වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. නඩාල් සහ ජෙකොවික් එකිනෙකාට එරෙහිව තරග වැදුණු 57 වැනි අවස්ථාව මෙය වූ අතර ඉන් අවස්ථා 29 කදී ජෙකොවික්ද, අවස්ථා 28 කදී නඩාල්ද ජය ලබා ඇත.

“මම හිතනවා මම හුගක් හොඳ තරගාවලියක් ක්‍රී‍ඩා කළා කියලා. මම වඩාත් හොඳින් ක්‍රීඩා කරලා නැවතත් වරක් මැටි පිටි මත මගේ රිද්මය සොයාගත්තා. මෙය මට ඉතාමත් සාර්ථක සතියක්. ඒ ගැන මම හුඟක් සතුටට පත්වෙනවා.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව නඩාල් පැවසීය.

 “මෙම කුසලානය 10 වැනි වරටත් ‍මගේ අතේ තිබීම මහ පුදුමාකාරයි. එය මට සිතාගත නොහැකි දෙයක්. නමුත් මේ වෙනකොට එය සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මම ‍මගේ සහායක කණ්ඩායමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා” යැයිද  නඩාල් වැඩි දුරටත් කියා සිටියේය.

මේ මස 30 වැනිදා රෝලන්ඩ් ගැරොස්හිදී ආරම්භ වීමට නියමිත ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලි‍යේදී නඩාල් සිය ශූරතාව රුක ගැනීමේ අභියෝගයකට මුහුණදීමට සූදානමින් සිටියි. මේ දක්වා ප්‍රංශ විවෘත ශූරතා 13 කට හිමිකම් කියා ඇති නඩාල් ඉකුත් වසරේදී (2020) එම ශූරතාව දිනාගත්තේ පිට පිටම සිව්වැනි වරටය.


-036


අදහස් (0)

නඩාල් ඉතාලි විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.