Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙන්ම 14 වැනි ප්‍රංශ විවෘත ශූරතාවද හඹායන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් රෝලන්ඩ් ගැරෝස්හිදී සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ මූලික වටයේ තරගයකදී වට 3-0 ක් ලෙස ඕස්ට්‍රේලියාවේ ඇලෙක්සි පොපිරින් පරාජය කරමිනි.
මේ වන විට 34 වැනි වියේ පසුවන නඩාල් එම තරගයේ පළමු සහ දෙවැනි වටවලදී පිළිවෙලින් ලකුණු 6-3 ක් සහ 6-2 ක් ලෙස පහසුවෙන්ම පොපිරින් පරාජය කළේය. කෙසේ වුවත් තෙවැනි වටයේදී නඩාල් සමග කරට කර තරගයක නිරත වූ පොපිරින්, 7-6 ක් ලෙස සම ලකුණු බිඳීමේ වටයක් දක්වාම නඩාල්ව ඇදගෙන ආවේය.
ලකුණු 7-3 ක් ලෙස එම සම ලකුණු බිඳීමේ වටය ජයගත් නඩාල් වට 3-0 ක් ලෙස සමස්ත තරගය ජය ගනිමින් තරගාවලියේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය.
ඒ අනුව හෙට (3 වැනිදා) පැවැත්වෙන දෙවැනි වටයේ තරගයේදී ඔහු ප්‍රංශයේ රිචඩ් ගැස්කුයෙට්ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානම්න් සිටියි.
මේ අතර ලොව ටෙනිස් ශ්‍රේණිගතකිරීම් අතරේ පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජෙකොවික්ද සිය පළමු තරගයේදී ඇමරිකාවේ ටෙනීස් සැන්ඩ්ග්රීන්ට එරෙහිව වට 3-0 ක් ලෙස (6-2, 6-4, 6-2) ජයගත්තේය. හෙට පැවැත්වෙන දෙවැනි වටයේදී ඔහු උරුගුවේහි පැබ්ලෝ කුයේවාස්ට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඉකුත් වසරේ (2020) පැවැති ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් මහ තරගයේදී ජෙකොවික් පරාජය කිරීමට නඩාල් සමත් වුවද, මෙවර තරග සැකැස්මට අනුව ඔවුන් දෙදෙනාම එකම කොටසක තරග වැදීම නිසා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හැකි වන්නේ දෙදෙනාගෙන් එක් අයකුට පමණි. බොහෝ දුරට ඔවුන් දෙදෙනා අවසන් පූර්ව තරගයකදී හමුවනු ඇතැයි විචාරකයෝ මත පලකරති.
“මා මෙහි පැමිණ සිටින්නේ මගේ උපරිමය කිරීමටයි. මම ශ්‍රේණිගතකිරීම්වල අංක 3 ස්ථානයේ ඉන්න නිසා මට අංක 1 ක්‍රීඩකයා හෝ අංක 2 ක්‍රීඩකයා සමග එකම කොටසක තරග වැදීමට සිදුවන බව මම දන්නවා. ඒත් අවසන් පූර්ව තරගය ගැන සිතීමට පෙර මට තව බොහෝ දේ කිරීමට තියෙනවා.” යැයි තමා සහ ජෙකොවික් එකම කාණ්ඩයක තරග වැදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නඩාල් පැවසීය.
“තවම මම ජයග්‍රහණය කරලා තියෙන්නෙ එක තරගයක් පමණයි. ඒ පිළිබඳව මම සතුටට පත්වෙනවා. දැන් මට අවශ්‍ය දෙවැනි තරගය කෙරෙහි අවධානය යොමු කිරීමට පමණයි. ඉදිරිය ගැන දැන්මම මම වැඩියෙ හිතන්න යන්නෙ නෑ. තරගයෙන් තරගයට මට හැකි උපරිමය කිරීමට මම උත්සාහ කරනවා. යැයිද එහිදී නඩාල් කියා සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.