Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නඩාල් 14 වැනි ප්‍රංශ ශූරතාව සොයද්දී සෙරීනා යළිත් තරග බිමේ

නඩාල් 14 වැනි ප්‍රංශ ශූරතාව සොයද්දී සෙරීනා යළිත් තරග බිමේ

editorial - 2021 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේදී (2020) පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත් ස්පාඤ්ඤ‍ෙයේ රෆායල් නඩාල්, මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ ඇලෙක්සි පොපිරින්ට එරෙහිව අනිද්දා (1 වැනිදා) සිය පළමු තරගයට‍ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන නඩාල්, මේ දක්වා ප්‍රංශ විවෘත ‍ශුරතා 13 ක් ජය ගෙන ඇති අතර ඉකුත් වසරේදී ඔහු ඊට හිමිකම් කීවේ පිට පිටම සිවුවැනි වරටය.

මේ දක්වා ප්‍රංශ විවෘත ශූරතා 3 ක් (2002, 2013 සහ 2015) දිනා සිටින ‍ඇමරිකාවේ සෙරීනා විලියම්ස් අනිද්දා (1 වැනිදා) රුමේනියාවේ කැමීලියා බේගුට එරෙහිව තරග බි‍මට පිවිසීමට නියමිතය. ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 7 ක්, විම්බල්ඩන් ශූරතා 7 ක් සහ ඇමරිකානු විවෘත ශුරතා 6 ක්ද සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 කට හිමිකම් කියන සෙරීනා, එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභිනිය ලෙස ඕස්ට්‍රේලියාවේ මාගරට් කෝට් සමග සම තත්ත්වයට පත්වීමට තවත් එක් ශූරතාවක් පසුපසින් සිටින්නීය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම් අතරේ පෙරමු‍ණේ පසුවන සර්බියාවේ නොවැක් ජෙ‍ෙකාවික්ද අනිද්දා තරග බිමට පිවිසීමට නියමිත අතර එහිදී ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඇමරිකාවේ ටෙනීස් සැන්ඩ්ග්‍රන්ය. ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 කට හිමිකම් කියන හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩකයකයකු වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් හෙට (31 වැනිදා) උස්බෙකිස්තානයේ ඩෙනිස් ඉස්ටොමින්ට එරෙහිව තරගය බිමට පි‍විසෙනු ඇත. ජෙකොවික් 2016 වසරේදීද, ෆෙඩරර් 2009 වසරේදීද ප්‍රංශ විවෘත ශූරතාව දින‍ාගෙන තිබේ‍.

කෙසේ වුවත් නඩාල්, ජෙකො‍වික් මෙන්ම ෆෙඩරර්ද මෙවර තරගාවලියේ තරග සැකැස්මට‍අනුව එකම කොටසකට අයත්ව තිබීම හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හැකි වන්නේ ඔවුන් තිදෙනාගෙන් එක් අයකුට පමණි. ඒ අනුව බොහෝ විට මොවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් අවසන් පූර්ව තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වදින අයුරු දැකගත හැකි වනු ඇත‍.

ප්‍රංශයේ පැරිස් නුවරදී අද (30 වැනිදා) ආරම්භ වූ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ මූලික වටයේ කාන්තා තරගයකදී වට 2-0 ක් (6/4, 7/6) ලෙස රුමේනියාවේ පැට්‍රීෂියා මාරියා ටිග් පරාජය කිරීමට ජපානයේ නයෝමි ඔසාකා සමත් වූවාය. ඒ අනුව ඇය දෙවැනි වටයේදී රුමේනියාවේ ඇනා බෝග්ඩන්ට එරෙහිව අනිද්දා තරග බිමට පිවිසෙනු ඇත.

ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 2 ක් සහ ඇමරිකානු විවෘත ශුරතා 2 ක් සමග මේ දක්වා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 4 ක් දිනා සිටින ඔසාකා, තවමත් ප්‍රංශ විවෘත ශූරතාවක් දින‍ාගෙන නොමැත‍. මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගතකිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන ඇය, ප්‍රංශ විවෘත තරගාවලියකදී මේ දක්වා ඇති ඉහළම දක්ෂතාවය තෙවැනි වටය දක්වා පැමිණීම පමණි.

මේ අතර ඉකුත් වසරේ (2020) පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගත් ඉගා ස්වියාටෙක් මේ වසරේ මූලික වට‍යේදී ‍ස්ලෝවේනියාවේ කාජා ජුවාන්ට එරෙහිව හෙට තරග බිමට පිවිසෙනු ඇත. ඇය මේ වන විට ලෝක ශ්‍රේණිගතකිරීම්හි ‍වැනි ස්ථානයේ පසුවන්නීය.


 

-036


අදහස් (0)

නඩාල් 14 වැනි ප්‍රංශ ශූරතාව සොයද්දී සෙරීනා යළිත් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.