Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නයෝමි ඔසාකා තුන්වැනි වටයට

නයෝමි ඔසාකා තුන්වැනි වටයට

editorial - 2021 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් රන් පදක්කම සොයා යමින් සිටින ජපාන ක්‍රීඩිකා නයෝමි ඔසාකා අද පැවැති දෙවැනි වටයේ තරගයත් ජයගනිමින් තුන්වැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක හිමිකාරියක් වන ඔසාකා ස්විට්සර්ලන්තයේ වික්ටෝරියා ගෝල්බික් හමුවේ තරග වට 2-0 ක ජයක් වාර්තා කරමින් තුන්වැනි වටයට පිවිසියාය.

ඔසාකා සහ වික්ටෝරියා අතර තරගයේ ලකුණු සටහන් වූයේ 6-3 සහ 6-2 ක් ලෙසිනි.
ජපානයේ බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකාව වන හෙයින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීම සඳහා තෝරාගෙන තිබුණේද නයෝමි ඔසාකාය.

“අවංකවම කිව්වොත් තරගයට ඉස්සරවෙලා මම ටිකක් චකිතයෙන් තමා හිටියේ. ඒත් තරගයට පිවිසියාම ඒ තත්ත්වය නැතුව ගියා. කොහොම වුණත් ඒක හොඳ තරගයක්” යයි ඔසාකා කීවාය.

අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගතකිරීම් අතරේ ඉහළින්ම සිටින ක්‍රීඩිකාව මෙන්ම විම්බල්ඩන් ශූරතාවද දිනාගත් ඇෂ්ලේ බාටි ඔලිම්පික් තරගාවලියේ පළමු වටයේදීම පරාජය වූවාය. එබැවින් ශ්‍රේණිගත ක්‍රීඩිකාවන් අතුරින් ඔලිම්පික් රන් පදක්කම කරා යන ඉහළම ක්‍රීඩිකාව වන්නේ නයෝමි ඔසාකාය.

මේ වසරේදී පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි තුනකම ශූරතා දිනා සිටින සර්බියාවේ නොවැක් ජොකොවික් අද සවස ජර්මනියේ ක්‍රීඩකයකු හා තරග වදී. එම තරගයෙන් ජයගතහොත් ජොකොවික්ට පිරිමි කේවල තරගාවලියේ අවසන් 16 දෙනා අතරට එක්විය හැකිය.

 - 213

 


අදහස් (0)

නයෝමි ඔසාකා තුන්වැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.