Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නවෝද් පරතරය වැඩි කරගනී

නවෝද් පරතරය වැඩි කරගනී

Nisanka Sandeepani - 2019 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 23 වැනි සතිය තුළදී ඡන්ද 14,100 ක් ලබා ගනිමින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 48,444 ක් දක්වා ඉහළ දමා ගැනීමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්වී ඇත. 
 
නවෝද් සමග කරට කර සටනක නිරත වෙමින් සිටි සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 5908 ත් සමගින් මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 33,424 කි. 
 
තරගයේ 22 වැනි සතිය නිමාවන විට නවෝද් සහ පසිඳු අතර පැවැති පරතරය ඡන්ද 6828 ක් වුවත්, ගෙවී ගිය සතිය තුළදී නවෝද් ලබාගත් 14,000 කට අධික ඡන්ද ප්‍රමාණයත් සමග මේ වන විට එම පරතරය ඡන්ද 15,020 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ සහ කොළඹ නාලන්දා විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන මුයිස් රෆීල් සහ ලක්ෂිත රසාංජන ඡන්ද 7920 ක් සහ 7099 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. 
 
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 14,890 සිට 16,996 ක් දක්වා ඉහළ දමාගෙන ඇත. ඔහුට වඩා ඡන්ද 6213 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 10,783 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 
 
මේ වන විට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 5796 ක් ලබා සිටින අතර එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 2051 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 3745 කි. 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 
 
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 කේ. සරවනාතන්, 106, පැරණි මීගමු පාර, වත්තල 
2 බනුරි රිස්මි, 121-1/1, සරණංකර පාර, දෙහිවල 
3 ජී.ඒ. ශානක මහේෂ්, 113/9/13, බොතලේ, පහළගම, අඹේපුස්ස 
4 බී.කේ. ගුණසේකර, 26/1, දුම්රියපොළ පාර, නුගේගොඩ 
 
-036 

අදහස් (0)

නවෝද් පරතරය වැඩි කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.