Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නාමයෝජනා දෙකක ඉරණම ක්‍රීඩා ඇමති අතේ

නාමයෝජනා දෙකක ඉරණම ක්‍රීඩා ඇමති අතේ

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ තනතුරු කීපයකට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන හිටපු ප්‍රබල නිලධාරීන් දෙදෙනකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සඳහා අභියාචනා කමිටුව විසින් ක්‍රීඩා ඇමතිවරයාට නිර්දේශ කරනු ලැබ ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. මෙම නිලධාරීන් දෙදෙනා එකම පාර්ශවයෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.  


එම නිලධාරීන් මීට පෙරද ක්‍රිකට් ආයතනයේ කටයුතු කරමින් සිටියදී එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් මගින් විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම එක් නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට හේතුව බව දැනගන්නට තිබේ. එම නිලධාරීන් දෙදෙනාගේම නාමයෝජනා ප්‍රතික්ෂේප වුවහොත් එම පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කිරීමට කිසිම නිලධාරීයකු ඉතිරි නොවන බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ. 


විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව පෙරේදා (06) ක්‍රීඩා අමාත්‍යවරයාට බාරදුන් වාර්තාව මේ වන විට නීතිපතිවරයාට යොමුකර ඇති බව වාර්තා වේ. අදාල නිලධාරීන් දෙදෙනා මෙම තීරණයට එරෙහිව අධිකරණයට යෑමට මේ වන විටත් සූදානම් වන බවත් වාර්තා වේ. 


වාතාවරණය බලාපොරොත්තු වන තත්ත්වයට වඩා වෙනස් වුවහොත් ක්‍රීඩා අමාත්‍යවරයාට අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවන බව ක්‍රිකට් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති. 


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ විධායක සභාව මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් පත්වූ නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කළ යුතුව තිබේ. එසේ නොවුණ හොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට ඉඩ තිබෙන බවත් කියැවේ. 

 


අදහස් (0)

නාමයෝජනා දෙකක ඉරණම ක්‍රීඩා ඇමති අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.