Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නාලන්ද විද්‍යාලයට ඉනිමක ජයක්

නාලන්ද විද්‍යාලයට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් ලබාගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

චමිඳු විජේසිංහ පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් ලකුණු 47 කට කඩුලු 10 ක් දවාගනිමින් නාලන්ද විද්‍යාලයට ඉනිමක ජයක් ගෙන දිමට සමත්විය.


ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 44
(චමිඳු විජේසිංහ 21/6, දිනෙත් සමරවීර 21/3)

නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 185
(අවිශ්ක පෙරේරා 34, මෝක්ෂ සංකල්ප 30, චමිඳු විජේසිංහ 21, මහීම වීරකෝන් 20, රවිශ්ක විජේසිරි 82/4, රවිඳු රශංක 26/2, යසිරු ජයසිංහ 36/2)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(චමිඳු විජේසිංහ 26/4, මහීම වීරකෝන් 02/2, කවීෂ් මදුරප්පෙරුම 27/2)

 


අදහස් (0)

නාලන්ද විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.