Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිදහස් සමරු තරගය හෙට

නිදහස් සමරු තරගය හෙට

editorial - 2020 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

්‍නිදහස් සමරු ස්ටෑන්ටඩ් (විවෘත) පාපැදි තරගය හෙට (4 වැනිදා) පෙරවරු 9.00ට කෙරවලපිටියෙන් ආරම්භවේ. එය හැඳල, කඳාන, උස්වැටකෙයියාව හරහා කෙරවළපිටිය මංසන්ධියෙන් නිමාවට පත්වන්නේ කිලෝමීටර 120ක දුරක් සම්පූර්ණ කරමිනි.

මෙම පාපැදි තරගයේ ත්‍යාග මුදල්ද වැඩිකර ඇතැයි  තරගය මෙහෙයවන ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති සුමිත් බාලසූරිය මහතා පවසයි. ඒ අනුව ජයග්‍රාහකයාගේ ත්‍යාග මුදල රුපියල් 50,000ක් දක්වා වැඩිකර තිබේ.

දෙවැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග සියල්ලම ඉහළ දමා තිබේ. ඒ අතර වයස 23 න් පහළ තරගකරුවන්ගෙන් හොඳම දක්‍ෂතාවය පළකරන ක්‍රීඩකයන් තිදෙනකුටද අනු පිළිවෙල අනුව විශේෂ මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

පාපැදි සම්මේලනය ගෙන තිබෙන නව තීරණයන්ට අනුව විවෘත ස්ටෑන්ඩඞ් පාපැදි තරගය අනුමැතිය සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට යොමුකර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

අද පැවැත්වෙන තරගයේ ජයසංකේත ප්‍රදානෝත්සවයේදී හිටපු ප්‍රවීණතම පාපැදි ශූරයන් වන බොනිෆස් පෙරේරා, ලෙස්ලි රූපසිංහ, කිංස්ලි මෙන්ඩිස්, වෝල්ටන් ඇන්තනි, එච්.එච්. හෙන්ඩර්සන් හා හිටපු පාපැදි ශූරියන් වන වසන්තා කහපොල ආරච්චි හා පී.එල්. රංජනී උපහාර ලබති. මෙම සියලු දෙනාටම විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.

කෙරවළපිටිය ෆ්ලයින්විල් පාපැදි ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් අතුකෝරළ මහතා මේ සඳහා මෙම තරගය සඳහා අනුග්‍රහය දක්වයි.


- 223

 


අදහස් (0)

නිදහස් සමරු තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.