Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නීල-හරිත සටන 27 දා කොළඹදී

නීල-හරිත සටන 27 දා කොළඹදී

Nisanka Sandeepani - 2019 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියනෑ කෝරළයේ ප්‍රධානතම පාසල් දෙකක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය අතර හතරවැනි නීල - හරිත සංග්‍රාමය මේ මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වේ. 

එක්දින තරගයක් වන මෙහිදී ප්‍රමිත් දර්ශන විමලසිරි හේනේගම විද්‍යාල කණ්ඩායම මෙහෙයවයි. වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක කළිඳු කවීෂ ගුණවර්ධන කටයුතු කරයි.

හේනේගම මධ්‍ය විද්‍යාලයේ වමත් පිතිකරු සමිත් විජේනායක මෙම තරගවාරයේ ලකුණු 620 ක් රැස්කරමින්, වමත් පාදඟ පන්දු යවමින් කඩුලු 88 ක් ලබාගෙන කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටියි. නායක ප්‍රමිත් දර්ශන හා සමිත් විජේනායක මෙවර අන්තර් පාසල් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දක්වා තිබේ.

වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාල පිලට මෙවර තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළත්ව සිටිති.

නායක කළිඳු කවීෂ පසුගිය ක්‍රිකට් වාරයේදී තරග පහකදී ලකුණු 305 ක් රැස්කිරීමට සමත්ව ඇත. මොවිඳු ලොවිත ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 320 කි. නිපුන් සංතුෂ් ලකුණු 280 ක් හා කඩුලු 22 ක්ද, අරණ දාබරේ කඩුලු 25 ක් හා ලකුණු 143ක් ද ලබාගෙන ඇත. ලකුණු 270 ක් හා කඩුලු 14ක් ලබාගෙන අංජන තරංග ද කණ්ඩායමට ශක්තිය ලබාදෙයි.

 

Bandaranayaka-Kandayama

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාල කණ්ඩායම
ඉදිරි පෙළ - කළිඳු කවීෂ ගුණවර්ධන (නායක), මොවිඳු ලොවිත (උපනායක), තුෂාර වලින්ත, අසේල කපිලරත්න මහතා (පුහුණුකරු), තිලකරත්න බණ්ඩාර මහතා (නියෝජ්‍ය විදුහල්පති), එස්.ඒ.එල්.ඩී. සිරිමාන්න මහතා (විදුහල්පති) අවිශ්ක කෝසල සහ ප්‍රසාත් මයන්ත.
පසුපෙළ - අංජන තරංග, සාලින්ද හපුආරච්චි, සත්සර නවරත්න, කවිශ්ක මදුමාල්, පසිඳු විදුරඟ, දිල්ෂා මල්සර, දනුජ දෙවිනිත්, චමත් කල්හාර, අරණ දාබරේ, නිපුන් සන්තුෂ් සහ චතුෂ්ක කළුනායක.

Henegama-Kandayama

හේනේගම මධ්‍ය විද්‍යාලය ක්‍රිකට් කණ්ඩායම 

ඉදිරිපෙළ -  ප්‍රවින් දර්ශන (නායක), විමුක්ති ලක්‍ෂාන් (උපනායක), විජය සත්‍යජිත් කුලරත්න මහතා (විදුහල්පති) අජිත් පුෂ්ප කුමාර මහතා (නියෝජ්‍ය විදුහල්පති), එච්.ඩී.කේ. මුණසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) සාලින්ද දේශප්‍රිය මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ ධනුෂ්ක චතුරංග මහතා (සහකාර පුහුණුකරු)

දෙවන පෙළ - හසිඳු පෙරේරා, තිළිණ දිනේෂ්, තරිඳු සඳරුවන්, ජනිත මදුහංස, ඉෂාන් හර්ෂණ, රුසිරු සත්සර, සචින් විජේනායක, මනුජිත් ධනංජය, තරුෂ ඉන්දීවර, ෂෙහාන් ලක්‍ෂාන්, දේශාන් චින්තක හා බුද්ධි ලක්‍ෂාන්.

 

 


අදහස් (0)

නීල-හරිත සටන 27 දා කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.