Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුගවෙල මධ්‍ය මහ විදුහල හා වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල අතර වාර්ෂික මහ ක්‍රිකට් තරගය 16 වැනි වරටත් හෙට සහ අනිද්දා (28 - 29) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ තරග තුනක පමණක් විසඳුම් ලැබී තිබෙන අතර එහිදී තරග දෙකක ජය නුගවෙල මධ්‍ය මහ විදුහල විසින් හිමි කර ගන්නා ලදී. වසර 2012 දී මෙම මහ තරගය ජයගෙන ඇත්තේ වලල ඒ. රත්නායක මැදි විදුහලයි.
නුගවෙල මධ්‍ය මහ විදුහල මෙවර පාසල් වාරයේ දී තරග 13 කට සහභාගි වී තිබේ. ඉන් තරග පහක් පරාජයට පත්ව සෙසු තරග ජයපරාජයෙන් තොරව අවසන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ක්‍රීඩා පාසලක් ලෙසත් ප්‍රසිද්ධියක් උසුලන වලල ඒ. රත්නායක මධ්‍ය විදුහලේ මේ වාරයේ සහභාගි වී ඇත්තේ තරග 4 කට පමණි. ඒවායින් තරගයක් ජය ගනිමින් සෙසු තරග ජයපරාජයෙන් තොරව ඔවුන් අවසන් කර තිබේ.
මෙම විදුහල් දෙකම අන්තර් පාසල් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරයි. එහිදී නුගවෙල මැදි විදුහල් කණ්ඩායම් නායක විරාජ් ඒකනායක ඔවුන්ගේ දක්ෂතම පිතිකරු බවට පත්ව තිබෙන්නේ ද්විත්ව ශතකයක් ඇතුළුව මේ වනවිට ලකුණු 1000 සම්පූර්ණ කරමිනි.
උපනායක රවීන්ද්‍ර වටගොඩ ලකුණු 400 සීමාවට පැමිණ සිටීම ද වමතින් පන්දු යැවීමෙන් ද දක්ෂතා දක්වන්නෙකි. මේ වාරයේ ශතකයක් ද සමගින් ලකුණු 265 ක් රැස් කර තිබෙන හසිත පොල්කොටුව ද පිට දඟපන්දු යැවීමටද සමත්කම් ඇති ක්‍රීඩකයෙකි. මහනුවර සුමංගල විදුහලට එරෙහිව ලකුණු 42 කට කඩුලු පහක් ලබා ගනිමින් මෙතෙක් මේ වාරයේ සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ දිල්මින දොඩම්තැන්න කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයට ඇතුළත්ව සිටියි.
ගිහාන් ජයතුංග, දිනුක සඳරුවන්, කවිෂ්ක හපුගොඩ, අමිදු දිල්සර, නදිෂ්ක උදලාගම, ප්‍රවීන් කරුණාරත්න, රසික චතුරංග, ලසන්ත සේනාරත්න, ජනිත් ජයවර්ධන, අකිල නිම්සර යන සෙසු ක්‍රීඩකයෝ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ප්‍රකට කර තිබෙන්නෝ වෙති.
දෙවැනි මහ තරගයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයකු වන කවින්ද රත්නායක වලල මැදි විදුහල් කණ්ඩායමට නායකත්වය දෙයි. ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පළ කිරීමට සමත්ව සිටියි. මේ වාරයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණ 142 ක් රැස් කරමින් හා එම තරගයේදීම ලකුණු 18 ට කඩුලු හයක් බිඳ හෙළමින් ද ඔහු සිය දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. දිනුක දර්ශන සරත්චන්ද්‍ර දෙවනි මහ තරගයට සහභාගි වීමේ දී ඔහුගෙන් පළ වන්නේ ද තුන් ඉරියව්වේ දස්කම්ය. ලකුණු 41කට කඩුලු හයක් බිඳ හෙළමින් හා ලකුණු 88ක් රැස්කරමින් ඔහු කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව පැවති තරගයේ දී ඉහළ දක්ෂතා පළකර තිබේ.
වත්තේගම මධ්‍ය මහ විදුහලට එරෙහිව ලකුණු 146ක් රැස්කළ එමෙන්ම ලකුණු හයට කඩුලු හතරක් එක් ඉනිමක දී බිඳ හෙළමින් දක්ෂතා දැක්වූ සුපුන් තාරක අබේරත්න වෙතින් මෙවර මහ තරගයේ දී ඉහළ දක්ෂතා පළවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතී, කණ්ඩායමේ මුල් පෙලේ පිතිකරුවන් වන ඉෂාර වික්‍රමසිංහ, ළබාල ක්‍රීඩකයෙකු ලෙස පන්දුවෙන් ද දක්ෂතා පළ කරමින් ලකුණු 27කට කඩුලු තුනක් බිඳ හෙළීම ඔහුගේ හොඳම දක්ෂතාවයි.
රත්තොට මහ විදුහලට එරෙහිව ලකුණු 148 ක් ලබා ගත් තිලාන නයනක සේනාරත්න මැද පෙළ පිතිකරුවෙකු ලෙසත් මද වේග පන්දු යවන්නකු ලෙසත් මෙවර මහ තරගයට එක්වෙයි.
උදාර රාජමන්ත්රී, බුද්ධික ප්‍රසාද් රත්නායක, විරාජ් සංජීව කුලරත්න, තරිඳු රෝෂාන්ත, ජයරත්න හිරුෂ, චමෝද් විශ්මිත, තරුෂ්ක හේෂාන් ප්‍රනාන්දු, හෂාන් නිමේෂ් බණ්ඩාර, මලිත් භාග්‍ය හෙට්ටිආරච්චි ජීවන්ත වික්‍රමසිංහ රුචිර දිල්ෂාන් හා බිමන්ත සිසිර කුමාර වලල ඒ. රත්නායක මැදි විදුහල් ක්‍රිකට් සංවිධානයේ සෙසු දක්ෂතා හෙබි ක්‍රීඩකයෝ වෙති.
දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන එම්.එම්.ඒ.ටී. හේරත් හා ටී.එම්.පී.එස්.කේ. තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙවර මහ තරගය සංවිධානය කෙසේ. දෙපිලේ පුහුණුකරුවන් ලෙස සම්පත් ද සිල්වා හා එස්.කේ. සීලරත්න යන මහත්වරු කටයුතු කරති.
වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල් කණ්ඩායම |
නුගවෙල මධ්‍ය මහ විදුහල් කණ්ඩායම |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.