Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ කුන්මින් ප්‍රාන්තයේ ඉදිවන විශාලතම පංච ප්‍රයාම ක්‍රීඩාංගණයට මුල්ගල තැබීම ඉකුත්දා සිදු විය. චීන මධ්‍යම රජයේ අනුග්‍රහයෙන් යුවාන් බිලියන 40 ක් හෙවත් ඩොලර් බිලියන හයකට ආසන්න වියදමින් අති නවීනතම තාක්ෂණය යොදා ගනිමින් ඉදිවන මෙහි මුල්ගල තැබීමේ අවස්ථාවට ආරාධනා ලැබූ අති සීමිත විදේශීය ආරාධිතයන් අතර ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිශාන්ත පියසේන මහතාද විය.
එහිදී නූතන පංච ප්‍රයාම ක්‍රීඩා ඉසව්ව මෙරට ප්‍රවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමකටද ශ්‍රී ලංකාව වෙනුවෙන් නිශාන්ත පියසේන මහතාත් චීන බලධාරීන් සමග අත්සන් තැබීය. ඒ යටතේ 2028 දී ඉදිකිරීම් අවසන් කෙරෙන මෙම ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකාවන්ට හිමි වේ.
නූතන පංච ප්‍රයාම ඉසව්ව වසර 1912 සිට ඔලිම්පික් උළෙලට ඇතුළත් පැරණිතම ක්‍රීඩා ඉසව්වකි. වසර 2015 සිට මෙරට ජාතික පංච ප්‍රයාම සංගමය ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තර නුතන පංච ප්‍රයාම තරගාවලි රැසකට ශ්‍රී ලංකාව පසුගිය වසර කීපයේදී සහභාගිවීමට සමත්ව සිටින අතර, සම්මේලනයේ මෙහෙයවීමෙන් ජාතික තරගාවලිය ඇතුළු තරග ඉසව් කීපයක්ම වාර්ෂිකව සංවිධානය කෙරේ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.