Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් කොටසේදී සිදුවූ දරුණු අනතුරු දෙකකින් පසුව ප්‍රංශ පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට ප්‍රංශයේ ජූලියන් ඇලෆලීප් සමත් විය. බ්‍රෙස්ට් නගරයේ සිටි ලන්ඩර්නෝ නගරය දක්වා කිලෝ මීටර් 197.8 කින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා ජූලියන්ට ගත වූ කාලය පැය 4 යි, විනාඩි 39 යි, තත්ත්පර 5 කි.
ඕස්ට්‍රේලියාවේ මයිකල් මැතිව්ස් සහ ස්ලෝවේනියාවේ ප්‍රීමෝස් රොග්ලික් පිළිවෙලින් පළමු අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූයේ පැය 4 යි, විනාඩි 39 යි, තත්ත්පර 13 ක කාලයක් වාර්තා කරමිනි.
තරගයේ අවසන් කිලෝ මීටර් 45 තුළදී පළමු අනතුර සිදුවූ අතර ඊට ගොදුර වූ තරගකරුවන් අතර පළමු අදියරේ තෙවැනි ස්ථානය දිනාගත් ප්‍රීමෝස් රොග්ලික් මෙන්ම බ්‍රිතාන්‍යයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ෆ්‍රෝම්ද වූහ. දෙවැනි අනතුර සිදුවූයේ තරග අවසානයට කිලෝ මීටර 8 ක් තිබියදීය.
එම අනතුරු දෙකම පළමු අදියරට දැඩි ලෙස බාධා පැමිණවූ අතර ඉන් පළමු වැන්නේදී ජර්මන් ක්‍රීඩක ටෝනි මාටින් ප්‍රධාන පොකුර ඉදිරිපස ඇද වැටීමත් සමග ඔහු පසුපසින් පැමිණි ක්‍රීඩකයන් එකිනෙකා ගැටී ඉතා අවුල් සහගත තත්ත්වයක් උද්ගත විය.
පළමු අදියරේ ප්‍රතිඵල
1 ජූලියන් ඇලෆලීප් (ප්‍රංශය) - පැය 4:39:05
2 මයිකල් මැතිව්ස් (ඕස්ට්‍රේලියාව) - පැය 4:39:13
3 ප්‍රීමෝස් රොග්ලික් (ස්ලෝවේනියාව) - පැය 4:39:13
4 ජැක් හේග් (ඕස්ට්‍රේලියාව) - පැය 4:39:13
5 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 4:39:13
6 ටඩෙජ් පොගකාර් (ස්ලෝවේනියාව) - පැය 4:39:13
7 ඩේවිඩ් ගවුඩු (ප්‍රංශය) - පැය 4:39:13
8 සර්ගියෝ හිගුයිටා (කොලොම්බියාව) - පැය 4:39:13
9 බවුකේ මොලේමා (නෙදර්ලන්තය) - පැය 4:39:13
10 ජෙරන්ට් තෝමස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 4:39:13
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.